Gossip

බලහත්කාරී විවාහවල ගොදුරු බවට පත්වන පකිස්තානයේ ගැහැණු ළමයි

බාලවයස්කාර හින්දු දැරියන් පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා බලහත්කාරයෙන් විවාහ කර ගැනීමේ සිද්ධීන් පකිස්තානයෙන් දිගින් දිගටම වාර්තා වෙයි.

එලෙස පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් විවාහ කර ගත් බාලවයස්කාර දැරියකගේ වයස සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් සම්බන්ධයෙන අධිකරණය මැදිහත්වීමේ පුවතක් ඉකුත්දා වාර්තා වුණා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ පකිස්ථානයේ හයිදාබාද් හි චන්දා මහාරාජ් නමැති 15 හැවිරිදි දැරියක්.

සිය සහෝදරිය සමග ගමන් කරමින් සිටියදී ෂාමන් මැග්සි නමැති මුස්ලිම් ජාතිකයෙකු විසින් චන්දාව පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවාගෙන විවාහ කරගෙන තිබේ.

අනතුරුව ඇගේ මව්පියන් විසින් මානව හිමිකම් සංවිධානවලන් සහය ලබාගෙන ඇයව ආරක්ෂිත නිවාසයකට යොමු කර තිබිණි.

කෙසේවෙතත් ඉස්ලාම් ආගමට හැරවීම නීත්‍යානුකූල බවට පකිස්ථානයේ අධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව චන්දාව යළිත් ඇගේ ස්වාමි පුරුෂයා වෙත භාරදීමට ඇගේ මව්පියන්ට සිදුවිය.

එහෙත් පකිස්ථානයේ නීතිය අනුව විවාහවීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වියයුතු බව හා චන්දාට වයස අවුරුදු 15 ක් බව පවසමින් මව්පියන් යළිත් නඩුවක් ගොනු කර තිබේ.

ඒ සදහා මව්පියන් ඉදිරිපත් කළ උප්පැන්න සහතිකය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් චන්දාගේ නිවැරදි වයස ජීවවිද්‍යාත්මකව ඉදිරිපත් කරන ලෙස වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.

එහිදී වෛද්‍යවරුන් විසින් අධිකරණයට දන්වා තිබුණේ චන්දාගේ වයස අවුරුදු 16 ක් වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!