Gossip

කාම්බෝජයේ පන්සල් හදන ඉන්දියාව

සිය සමීපතම රටවල සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන ඉන්දියාව එම සංවර්ධන වැඩපිළිවෙල හුදෙක් යටිතල පහසුකම් සදහා පමණක් සීමා කර නොමැත.

රටක සංස්කෘතික උරුමයන් ද කාලෝචිත පරිදි සංවර්ධනය විය යුතුයි යන්න ඉන්දියාවේ ස්ථාවරයයි.

ඒ අනුව ලෝක ප්‍රකට කාම්බෝජියාවේ Angkor Wat බෞද්ධ සිද්ධස්ථානයේ ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් ආධාර සැපයීමට ඉන්දීය රජය ඉදිරිපත්ව සිටියි.

කාම්බෝජියාවේ Angkor Wat සිද්ධස්ථානය, ලොව විශාලතම ආගමික ස්මාරකය ලෙස හදුන්වයි.

එමෙන්ම එය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණීය නැරඹුම් ස්ථානයක් ද වෙයි.

ඉන්දියාවේ මැදිහත්වීම මත ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් Angkor Wat සිද්ධස්ථානයේ ප්‍රතිෂ්ඨාපන කටයුතු සදහා දායක වී සිටියි.

ඒ අනුව එම සිද්ධස්ථානයේ ස්ථාන කිහිපයක ප්‍රතිෂ්ඨාපන කටයුතු මේවනවිටත් සාර්ථකව අවසන් බව ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත.

කාම්බෝජියාවට අමතරව ඉන්දුනීසියාව, ලාඕසය්, වියට්නාමය සහ මියන්මාරය වැනි ආසියානු රටවල ආගමික හා සංස්කෘතික වශයෙන් වැදගත් පෞරාණික ස්ථාන රැසක ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘති සදහා ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය සිය දායකත්වය සපයනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!