Gossip

ඉන්දියාව නගා සිටුවන්නට වෙහෙසෙන නාගලන්තයේ පැල මිනිසා

දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමට වෙහෙසෙන ස්වේච්ඡා වැවිලිකරුවෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ Nagaland ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

Nagaland යනු මියන්මාරය ආසන්නයේ පිහිටි ප්‍රදේශයක්.

මෙහි කතානායකයා වන අපූරු ස්වදේශික වැවිලිකරු මේවනවිට Nagaland හි සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙක්.

නමින් Lusha වන ඔහු මේවනවිට Nagaland හි පිහිටි සමෘද්ධිමත් පළතුරු සහ කුලුබඩු ලබාගන්නා ශාකවල පැළ තවාන් පවත්වාගෙන යයි.

ඔහුට අයත් පැළ තවාන් 03 ක් මේවනවිට Nagaland හි පිහිටා ඇති අතර රජයේ ආයතනවලට මෙන්ම දේශසීමාව ආසන්නයේ ඇති සියළු පැල තවාන් සදහා අවශ්‍ය සියලු වර්ගයේ පැල සපයන්නේ Lusha යි

ඊට අමතරව ඉතා සාර්ථක මී මැසි පාලනය හා විසිතුරු මත්ස්‍ය වගාව ද Lusha විසින් සිදු කරයි.

ලූෂා පවසන පරිදි මේ දක්වා පැමිණි ගමන්මාර්ගය ඔහුගේ දිවියේ ඉතා කටුක අත්දැකීම් සහිත කාලයක්.

ඔහු පැල තවාන් සදහා නැඹුරු වී ඇත්තේ ඉතා කුඩා වයසේ සිටයි.

ඒ සදහා ඔහු පළතුරු වෙළඳසල් හිමියන් විසින් ඉවත දමන පළතුරු බීජ රැස්කර තිබෙනවා.

ඉන් අනතුරුවයි ඔහු සිය විනෝදාංශය වශයෙන් එක් රැස් කළ බීජ වර්ග රෝපණයට යොමුව ඇත්තේ.

ආරභයේදී අවශ්‍ය පහසුකම් හෝ තාක්ෂණය නොමැතිවුවත් පසු කාලීන ස්වඋත්සහයෙන් පැල වගාවට නැඹුරු වී තිබේ.

මේවනවිට Nagaland හි සිටින සාර්ථකම පැල තවාන් හිමිකරු ලූෂායි.

සෙසු ස්වදේශික වැවිලිකරුවන් වෙනුවෙන් අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා දෙන ලූෂා දේශීය ආර්ථිකයේ පුනර්ජීවය වෙනුවෙන් කටයුතු කරන ගොවියෙකු ලෙස Nagaland හි ප්‍රසිද්ධියක් උසුලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!