Gossip

රෝද පුටුවේ හිද තලේබාන්ලාගේ රහස් කියන පැසිපන්දු ක්‍රීඩිකාව

කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරමින් ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය කටයුතු කිරීම විනාශකාරී ක්‍රියාවක් බව ඇෆ්ගනිස්තානයේ රෝදපුටු පැසිපන්දු කණ්ඩායමේ හිටපු නායිකා Nilofar Bayat පවසයි.

පවතින තත්ත්වය අනුව තලෙයිබාන් සංවිධානයේ මීළඟ පියවර වනු ඇත්තේ කාන්තාවන්ට හුස්ම ගැනීමට හා සමාජය තුළ සිටීමේ මෙන්ම ජීවත්වීමට ඇති නිදහස තහනම් කිරීම විය හැකි බව ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින ඇය පෙන්වා දී ඇත.

සියලු දෙනා හොදින් දන්නා කරුණ නම් තලෙයිබාන් සංවිධානය කිසිදින වෙනස් නොවන බව ද ඇය සදහන් කර තිබේ.

ඔවුන් මින් වසර 25 කට පෙර සිටි ත්‍රස්තවාදී කණ්ඩායමට සමාන පිරිසක් බවත් Nilofar Bayat පෙන්වා දෙයි.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව Nilofar Bayat එරටින් පළා ගොස් මේවනවිට විදෙස් රටක දිවි ගෙවයි.

ඇය පෙන්වා දෙන්නේ තලෙයිබාන් සංවිධානය හේතුවෙන් මේවනවිට නිවසක් හෝ නොමැතිව විදෙස් රටක දිවි ගෙවන බවයි.

තලේබාන් පාලනය හමුවේ තමන්ට ඇෆ්ගනිස්තානය තුළ ආරක්ෂාවක් නොතිබූ බව ද ඇය පෙන්වා දෙයි.

එබැවින් ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහා තමන් සියලු දේ අතහැරි බව ද ඇය පවසා තිබේ.

තලෙයිබාන් සංවිධානය 1990 දශකයේදී ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන සිටියදී එල්ල කළ රොකට් ප්‍රහාරයකින් Nilofar Bayat දිවිගෙවු නිවස සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

එවකට දෙහැවිරිදි වියේ පසුවූ Bayat හට එම ප්‍රහාරයෙන් සිය පාදය අහිමි වී ඇති අතර සිය සහෝදරයාගේ ජීවිතය ද අහිමි වී තිබේ.

ඇය පවසන්නේ තලෙයිබාන් සංවිධානය විශාල පිරිසක් ඝාතනය කර රටක් විනාශ කළ බවයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!