Gossip

ඉන්දියාව වෙනුවෙන් සර්බියාවෙන් නිකුත් කෙරුණු මුද්දරය

ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සර්බියාව විශේෂ මුද්දරයක් නිකුත් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සර්බියාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය පැවසුවේ මුද්දරය නිකුත් කිරීමේ අවස්ථාවට සර්බියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Ivica Dacic සහභාගී වූ බවයි.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැමිණීම මගින් ඉන්දියාව සහ සර්බියාව අතර පවතින සමීප හා ශක්තිමත් සබදතාව පෙන්නුම් කෙරෙන බව ද ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

එළඹෙන අගෝස්තු 15 වන දා ඉන්දියාව සිය 75 වන නිදහස් දිනය සමරනු ලබයි.

එවන් පසුබිමක් තුළ ඉන්දියාව සහ සර්බියාව අතර පවතින ද්විපාර්ශවික සබදතා තවත් ශක්තිමත් වී ඇති බවත්, දෙරටේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබදතා සදහා වසර 75 ක් සම්පූර්ණ වන බවත් සර්බියාව පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!