දඹුල්ල – ගලේවෙල මාර්ගයේ තලකිරියාගම ප්රදේශයේදී වැලි පැටවූ ටිපර් රථ රියදුරෙකුට නින්දයෑම හේතුවෙන් එම රථය මාර්ගයෙන් ඉවතට පැන පාපැදියකින් ගමන් කරමින් සිටි අයෙකු යටවී එම ස්ථානයේම මියගොස් තිබෙනවා.
අද(10) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගියේ තලකිරියාගම පදිංචි කම්කරුවෙකු වූ ඒ.සෙල්වරාජු (34) තිදරු පියෙකි.
රියදුරා ගලේවෙල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත .
මියගිය අය දුගී දුප්පත් බවෙන් පෙලෙන අයෙකු වන අතර ඔහු සහ ඔහුගේ දුදරුවන් ඇතුළු පවුලේ උදවිය කුඩා නිවසක පදිංචි අතර මළසිරුර තබාගන්නට හෝ ඉඩක් නිවසේ නොමැත.
පහත ඡායාරූප බලන්න
