තරු හුට පට

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් අලුත්ම වැඩක් කරලා (ඡායාරූප සහිතයි)

පුනරුත්තාපනය වූ එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු පිරිසක් ඔවුන්ගේ මුදලින් මහන්සියෙන් වැවක් ඉදිකර  රටේ ප්‍රයෝජනය සඳහා ලබාදීම පසුගියදා සිදුවිය .

කිලිනොච්චිය කොලොන්දුපුලොව් ප්‍රදේශයේ සිවිලාරක්ෂක දෙපාර්තමේන්තුවේ ගොවිපොළ ආසන්නයේ මෙම  වැව හදා ඇත .

සාමාජිකයන් 280ක් දෙනා එක්වී මෙම වැව සාදා සිවිලාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්තන් පල්ලේගම මහතා අතින් මංගල දියවර නිකුත් කිරීම සිදුවිණි .

පුනරුත්තාපනය වූ එල්.ටී.ටී. ඊ සංවිධානයේ හිටපු කනල්වරයකු වූ මාස්ටර් නමැති අය මෙහි මුලිකත්වය ගෙන ඇත .යාපනය කිලිනිච්චිය මුලතිවු අණදෙන නිලධාරි ලුතිනන් කනල් රත්නප්‍රිය බන්දු මහතා යටතේ පුනරුත්තාපනය වූ පිරිස මෙම මහගු කාර්ය ඉටුකර ඇත.

මෙම හිටපු එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිස මේ වන විට සිවිල් ආරක්ෂක  දෙපාර්තමේන්තුවේ  සේවයේ නියැලීම විශේෂත්වයකි.

2 3 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!