තරු හුට පට

12 සහ 13 මුහුදු යන්න එපා – යානයේ කොටස් ඔළුවට කඩාවැටෙයි

ලබන 12 වැනිදා සහ 13 වැනිදා දෙවුන්දරතුඩුවේ සිට කිලෝමීටර් 65 ක වපසරිය තුළ ධීවර කටයුතු සිදු නොකරණ ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අභ්‍යවකාශ වස්තුවක් දකුණු මුහුදු තීරයට කඩා වැටෙන බවට අනතුරු අඟවා තිබෙන නිසා මෙලෙස නිවේදනය කර ඇති අතර එහි ප්‍රමාණය සහ පතිතවන ස්ථානය මෙතෙක් නිසියාකාරව සනාථ කර නොමැති බැවින් අවධානම් කලාපයක් ලෙස ධිවරයන්ට ප්‍රකාශ කොට ඇත.

නොවැම්බර් 13 වන දින ගාල්ලට කිලෝ මීටර් 65ක් දුරින් වූ මුහුදුට අභ්‍යාවකාශ වස්තුවක් පතිත වන බව විදේශ වාර්තා පසුගිය සිනක පෙන්වා දෙන ලදී.

මෙම වස්තුව අඩි 7ක් පමණ විශාල වන බවද සඳහන් වුණි.

කෙසේ වෙතත් මෙම වස්තුව  මුලදී හඳුනාගැනීමට නොහැකි වී ඇති බවද එම වාර්තා පැවසුවෙයි.

පසුව තාරකා විද්‍යාඥයින්ට   එය හදුනාගැනීමට හැකිවී තිබෙනවා.

මෙම වස්තුව අවුරුදු 40ට පෙර අභ්‍යාවකාශයට යවන ලද ඇපලෝ අභ්‍යාවකාශ යානයේ  කොටසක් හෝ පසුව යවන ලද ලූණා නම් වු අභ්‍යවකාශයේ කොටසන් වනු ඇති බවද විමර්ශකයින් පවසයි.

මෙම අභ්‍යාවකාශ වස්තුව 1190F ලෙස නම් කර ඇති අතර 2012 වර්ශයේදී මෙම වස්තුව පිළිබඳව ප්‍රථමයෙන් පෘථිවියට පතිත වන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

……………………………………..

අභ්‍යාවකාශ කොටස් ගාල්ල ට ආසන්න මුහුදට කඩා වැටෙන ස්ථානය

cover

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!