ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් දා එකිනෙකා මුණගැසුණා.
ඒ, ජපානයේ හිරෝෂිමාහි පැවැත්වෙන G7 සමුළුවේදීයි.
එහිදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසුන් ගෙන සිටි ස්ථානයට පැමිණි අතර අග්‍රාමාත්‍ය මෝදි ද සිය අසුනෙන් නැගිට අමෙරිකානු ජනාධිපතිවරයා හමුවුණා.
එහිදී ඔවුන් දෙපළ එකිනෙකාට පිළිගත්තේ උණුසුම් වැළඳගැනීමකින්.
අනතුරුව අතට අත දී ආචාර කිරීමෙන් අනතුරුව නායකයින් දෙපළ සතුටු සාමිචියේ යෙදී සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.