Gossip

පාරට බහින්න බය පකිස්තානයේ කාන්තාවෝ…

පකිස්ථානයේ කරච්චි නුවර විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට කාන්තාවන් බිය දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය ඊට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කරච්චි නුවර ධාවනය කෙරෙන කුලීරථවල සහ රික්ෂෝ රථවලදී කාන්තාවන් අතවරයට ලක්වීමේ සිද්ධීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පකිස්තාන කාන්තාවන් කරච්චි නුවර ධාවනය කෙරෙන විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිතය ප්‍රතික්ෂේප කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනාරක්ෂිත තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ කරච්චි නුවර රැකියාව්ල නිරත කාන්තාවන්.

රාත්‍රී කාලයේ සිය සේවා මුර අවසන් වන කාන්තාවන් පවසන්නේ තමන් රාජකාරි නිමාවී ආපසු පැමිණෙන වේලාවට බස්‍රථ අදාළ ගමනාන්ත බලා පිටත්ව ගොස් අවසන් බවයි.

ඒ හමුවේ නිවාස බලා ගමන් කිරීම සදහා විකල්ප ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට සිදුවුව ද එය අවදානම් සහගත බව ඔවුන් පෙන්වා දෙයි.

ඇතැම් කාන්තාවන් පවසන්නේ කරච්චි නුවර මාර්ගවල ගමන් කිරීමේදි කාන්තාවන්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව පකිස්ථානයේ ගෝලීය ස්ත්‍රි පුරුෂ පරතර දර්ශකය වඩාත් බරපතල ලෙස කඩාවැටෙමින් තිබේ.

2017 වර්ෂයේදී එම දර්ශකයේ 143 වන ස්ථානයේ සිටි පකිස්තානය 2018 වසරේදී 148 දක්වා පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!