ආදරය කියන්නේ හැමෝම හොයන දෙයක්. තමන් කැමති ආදරයක් හමුවුණු අය සතුටු වෙනවා. නොලැබුණු අය දුක් වෙනවා.
හැබැයි එහෙම ආදරේ කරලා කාලයක් යද්දි ජීවිතයට එන ප්‍රශ්න එක්ක හදිසිවෙලා ගන්න ඉක්මන් තීරණ නිසා ජීවිතේම විනාස කරගන්න අය දැන් කාලේ ගොඩක් ඉන්නවා.
සමහර අයෙක් කතා කරලා ප්‍රශ්න විසඳගන්න හදනකොට තවත් අයෙක් ඒ ප්‍රශ්නය විසඳන්නේ තමන් ආදරේ කරපු පෙම්වතා හෝ පෙම්වතියගේ ජීවිතය අහිමිකරලා.
රෝහල් වල සේවය කරන ගොඩ දෙනෙක් මේ වගේ සිද්ධි ගැන අනන්තවත් අහලා දැකලා තියෙනවා. අන්න ඒ විදියේ සිද්ධියක් ගැන කොළඹ ජාතික රෝහලේ පුෂ්පා රම්‍යානි ද සොයියා මහත්මිය පහුගිය දවසක තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් එක්ක පළකර තිබුණා.
බිරිඳගේ පපුවට ඇයගේ සැමියා පිහියෙන් ඇනපු ඡායාරූපයක් තමයි එලෙස පළකර තිබුණේ.
සමාජයට සිතන්න බොහෝ දේ ඉතිරි කරමින් ගිලා බැස්ස ආදරය නමින් ඇය තැබූ සටහනක් සමගම එය ඡායාරූපය පළ කර තිබුණා.
එම සටහන හා ඡායාරූපය පහතින්.
ගිලා බැස්ස ආදරය…………….
තම ආදරනීය ස්වාමියා අතින් මෙම පිහිය තම සිරැර විනිවිද යන විට ඇයට මෙහෙම හිතෙන්නට ඇති……..
මම ආදරය කල ඔයාවම කසාද බැන්ද
එදා ඉදලා …..මෙි පිහියෙන් එළවලු කපල කොච්චරනම් රසට උයලා ඔයාට කන්න දුන්නාද?
මේ පිහියෙන් පාන් කපලා බටර්ගාලා කන්න දුන්නාද?
ඒත් මගේ ජීවිතය නිමා කරන්නත් මෙි පිහියම ඔයා අතට ගත්තයි කියලා මම කොහොම විශ්වාස කරන්නද?
මේ සිතිවිල්ල අවැසන,ඇය මෙලොවින් සමු ගන්නට ඇති කියා ගන්න බැරි තවත් දහසක් දෑ සමග…….
පවු……..
මේ දෙදෙනාගේ ජීවිත ප්‍රශ්ණ ගැන අපි දන්නේ නැහැ. ඒ වුණාට මේ පවුල් ප්‍රශ්ණ වලට විසදුම -එක් අයෙකුට මරණය සහ අනෙක් අයට සිපිරිගෙය නොවිය යුතුයි.
ඇයගේ පවුලේ උදවියගේ අදහස වූයේ කාන්තාවන් සගවා සිටින මෙම තත්වයන් සමාජය දැණුවත් විය යුතු බවයි…….