G7 සමුළුව පැවැති ජපානයේ හිරෝෂිමා හි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ එම සමුළුව සඳහා පැමිණි ඉන්දිය අමුත්තන් පිළිගැනීම සඳහා විශේෂ අයෙක් සූදානම්ව සිටියා.
ඒ, ජපානයේම නිර්මාණයක් වන රොබෝවක්.
ජපනුන්ගේ ජීවිත රොබෝ සමග බද්ධ වී තිබුණත් මෙම රොබෝවේ විශේෂත්වයක් තිබුණා.
ඒ එම රොබෝව හින්දි භාෂාව හැසිරවීමේ හැකියාවෙන් සමන්විත වූ බැවින්.
හිරෝෂිමා හි ජාත්‍යන්තරය මාධ්‍ය මධ්‍යස්ථානයට පැමිණි ඉන්දියානුවන්ට “නමස්තේ” යනුවෙන් ආචාර කළ රොබෝව ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කළා.
ඒ, ජපානයට පැමිණ ජපන් සංස්කෘතිය ගැන දැන ගන්නා ලෙසයි.
න්‍යෂ්ටික අවි හරණය මෙවර G7 සමුළුවේ ප්‍රධාන අරමුණක් වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර G7 සමුළුව සඳහා සහභාගී වූයේ ජපානයේ විශේෂ ආරාධනයකට අනුවයි.
