මීතොටමුල්ල ප්‍රදේශයේ මේවනවිට සමේ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම රෝගය මර්දනය කිරීම සඳහ මේවන විටත් ජංගම වෛද්‍ය සායන කිහිපයක්ම එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර අවශ්‍ය තරම් ඖෂධ එම ප්‍රදේශයේ මධ්‍යම බෙහෙත් ශාලාවන් තුළ පවතින බවද සංගමයේ උප ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා කියා සිටියා.
තවදුරටත් වසංගත රෝගයන් ව්‍යාප්ත වන්නේ නම් වෛද්‍යවරුන් 40 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මුදා හැරීමට සූදානමින් සිටින බවද එම වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා.
ආපදා කළමනාකරණ පශ්චාත් උපාධිය ලබා සිටින වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ මේවන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව සිටින බවත් හදිසි අවශ්‍යතාවයකදී එම වෛද්‍යවරුන්ද වහාම කැඳවීමට කටයුතු කරන බවද ඔහු කියා තිබෙනවා.
ජලය පවා දූෂණය වී ඇති බැවින් පාචන තත්වයක් පැන නැගිය හැකි බැවින් එයට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානමින් සිටින බවද සංගමය අවධාරණය කර සිටිනවා.
