Gossip

“සැක සහිත ඊ මේල් බලන්න එපා” – ‍ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්

e-mail ස්වරූපයෙන් මේ වනවිට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඔබ වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසා තිබෙනවා.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඔබේ පරිගණකයට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී, එම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

ප්‍රවෘත්ති, ශ්‍රව්‍ය දෘශ්‍යය පට, පීඩීෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්‍යාජ ඉ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බව සංසදය සඳහන් කළා.

පරිගණකය ‍මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඉ-මේල් පණිවිඩ ආදී සමස්තයම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් (encrypt) බවට දැක්වෙන බවයි චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ.

එබැවින් ඔබේ පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම ඔබේ පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කරගැනීම උචිත වන බවත් සංසදය සඳහන් කරනවා. මේ වනවිට පරිගණක මෙම වෛරසයට ලක්වීම පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවද ඔවුන් කියා සිටියා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!