Gossip

බිරිඳ දරුවා බිහිකරද්දී හිනාවේවී සෙල්ෆි ගැසූ සැමියෙක්

selfie1-670x528

දරුවෙකු මවුකුසට පැමිණිදා සිට එම දරුවා බිහිකරන තුරු දරු ගැබ රැක ගනිමින් මවක් විඳින දුක වේදනාව සුළු පටු නොවේ. එම වේදනාව හොඳටම දන්නේද දරුවන් බිහිකළ මවුවරු පමණි. විශේෂයෙන් දරුවෙකු බිහි කිරීමේදී මවක විඳින වේදනාව වචනයෙන් කියා හෝ ලියා නිමකළ බැරිවිටකදී එංගලන්තයේ පුද්ගලයෙකු සිය බිරිය දරුවා බිහිකරන අවස්ථාවේදී ඇය අසළ රැඳෙමින් සිනාසෙමින් ගනු ලැබූ සෙල්ෆි ඡායා රූපයක් සමාජ ජාල මාධ්‍ය ජාලය තුළ කතා බහට ලක්වෙමින් තිබෙනවා.

සිය බිරිඳ දරුවා බිහිකිරීමට මහත් වෙහෙසක් ගනිමින් සිටියදී ඒ අසළම සිටින සැමියා බිරිය විඳින වේදනාවත් ඔහු ලබන සතුටත් සෙල්ෆි ඡායා රූපයකට හසුකරගෙන තිබුණේ ඉහත පරිදිය.

මෙම ඡායා රූපය ගැන සමාජ ජාල මාධ්‍ය තුළ විවිධ අදහස් එක්කර තිබෙනවා. බිරිය මේ වගේ අවස්ථාවක අමිහිරි වේදනාවක් විඳින විට සැමියාට මෙහෙමත් සතුටුවෙන්න පුළුවන්ද කියන එකත් එහි අනිත් පැත්ත එනම් මේ වගේ වේලාවක බිරිය දිරිමත් කරමින් ධෛර්යමත් සැමියෙකු ලෙස ඔහුගේ හැසිරීමත් අඩු වැඩි වශයෙන් එසේ ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙසේ වේදනා විඳි සිය බිරිඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු දියණියක බිහි කළ බවද ඔහු පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!