Cinema

මෝටර් සයිකල්‍ ශ්‍රී ලාංකීය අංශයේ හොඳම චිත්‍රපටය වෙයි

30
දෙවන වරට සංවිධානය කළ කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේ ශ්‍රී ලාංකීය අංශයේ හොඳම චිත්‍රපටය‍ ලෙස “මෝටර් සයිකල්” සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

නොවැම්බර් 06 වනදා ආරම්භ වූ ‘ඔබ ඇවිත් පිරෙන්න’ කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල  ඊයේ නිමාවට පත්වුණා. එහි අවසන් උත්සව අවස්ථාව කොළඹ රීගල් සිනමාශාලාවේ සිදුකෙරුණේ ප්‍රථම වතාවට මෙරට සිනමානිර්මාණ ඇගයීමකට ලක් කරමිනි.

එහිදී ශමීර රංඟන නම් තරුණ සිනමා නිර්මාණ කරුවාගේ කුළුදුල් සිනමාපටය මෝටර් සයිකල් එම උළෙලේ හොඳම ශ්‍රි ලාංකේය සිනමාපටය වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. “මෝටර් බයිසිකල්” චිත්‍රපටය සමග මෙවර තරඟකාරී අංශය නියෝජනය කළ සිංහල  චිත්‍රපට 7ක් ප්‍රදර්ශනය කර තිබුණා.

එසේම ලි රුයුං අධ්‍යක්ෂණය කළ චීනයේ නිෂ්පාදිත River Road චිත්‍රපටය මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ ආසියානු තරඟාවලියේ හොඳම චිත්‍රපටය ලෙස ද සම්මානයට පාත්‍රවුණා.

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් දෙවන වරට මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වුණ අතර ඒ සඳහා දෙස් විදෙස් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරුණා. චිත්‍රපට නැරඹීමට විශාල පිරිසක් පැමිණි අතර  සිනමාව හා සම්බන්ධ වැඩමුළු රාශියක්ද ඊට සමගාමීව පැවැත්වීමට කටයුතු  යොදා තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!