හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අද (02) ඉවත් කෙරුණා.
කෙසේ වෙතත් ඉවත් කෙරුණු හමුදා සෙබළුන්ට සමාන එස්. ටී. එෆ් භටපිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති බව රජය විසින් දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.