Gossip

16 හැවිරිදි දැරිය තැලූ ග්‍රාම සේවකට වුණු වැඩේ

Rape

රාජකාරි කටයුත්තක් සඳහා පැමිණි වයස අවුරුදු 16 ක් වන තරුණියකට තම කාර්යාලය තුළදී අතවර කළ බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු පුත්තලම දිසා ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

මෙසේ ස්ථාන මාරු කර ඇත්තේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරමින් සිටි ග්‍රාම නිලධාරීවරයෙකි.

2010 වසරේ ග්‍රාම නිලධාරී පත්වීම් ලබා ඇති මෙම නිලධාරියා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 637/2 රාල්මඩුව ග්‍රාම නිලධාරීවරයා ලෙස සේවය කරමින් සිට ඇත.

එම වසරේම දිනක ප්‍රදේශයේ පදිංචි තරුණියක රාජකාරි කටයුත්තක් සදහා ඔහුගේ කාර්යාලයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකාර ග්‍රාම නිලධාරීවරයා තමන්ව දුෂණය කළ බව සිද්ධියට මුහුණ දුන් තරුණිය වනාතවිල්ලුව පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ.

ඒ අනුව පරීක්ෂණ සිදු කර ඇති පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටින අයෙකි.

ඒ සම්බන්ධයෙන් වූ නඩුව මේ වන විට පුත්තලම මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර ලබන 09 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව ඇති බව අදදෙරණ වාර්තාකරු පවසයි.

අධිකරණයෙන් ඇප මත නිදහස්වී පැමිණි සැකකාර ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කිසිදු විභාගයක් හෝ විනය පරීක්ෂණයක් නොපවත්වා නැවත සේවය පිහිටුවා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම වෙනත් ග්‍රාම නිලධාරී වසමක  සේවය සදහා අනියුක්ත කර ඇත.

රාජකාරි කටයුත්තක් සදහා ගිය තරුණියකට තම කාර්යාලය තුළදී ලිංගික අතවර සිදු කළ ග්‍රාම නිලධාරීවරයෙකුව එම ප්‍රදේශයේම නැවත සේවය කිරීමට අවස්ථාව ලබා දීම සදාචාර විරෝධී ක්‍රියාවක් බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් පුත්තලම දිසා ලේකම්වරයාට මෙන්ම රාජ්‍ය පරිපාලන ඇමතිවරයාටද,ජනාධිපතිවරයාටද දන්වා ඇති අතර තම පරිවාස කාලය ඉක්මවා යාමටද පෙර මෙවැනි ක්‍රියාවක නිරත වූ ග්‍රාම නිලධාරීවරයෙකුට එම ප්‍රදේශයේම රාජකාරි පැවරීම අගතියට පත් පාර්ශවයට කරන හානියක් බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අතර කිසිදු රාජකාරි පැවරීමකින් තොරව අදාළ ග්‍රාම නිලධාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිසා ලේකම් කාර්යාලයට ස්ථාන මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතාගෙන් අප මේ සම්බන්යෙන් කළ විමසීමකදී කියා සිටියේ අදාළ ස්ථාන මාරුව සිදු කර ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙ බව හා ලැබෙන නියෝග අනුව කටයුතු කිරීම කරන බවයි.

අනුව මෙම ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව හෙතෙම පැවසීය.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!