මහේල ජයවර්ධන කියන්නේ ක්‍රිකට් තරුවක් කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. මහේල ජයවර්ධන පසුගිය කාලයේදී ජාත්‍යන්තර එක්දින හා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසු ඔහු මේවන විට සිටින්නේ එංගලන්තයේ. ඒ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙක් ලෙස.
ඔහු එලෙස එංගලන්ත කණ්ඩායමේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන්නේ, පිතිකරණය සම්බන්ධයෙන් කියලයි ආරංචි.
වෘත්තීමය වශයෙන් වසර 18ක් පුරා ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කළ මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ රැසක් හිමිකර දුන් ක්‍රීඩකයෙක්.
2014 වර්ෂයේදී 20යි 20 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට දිනා ගැනීම සඳහා උරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු
පුහුණුකරු පෝල් ෆාබ්‍රෙස් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අධ්යක්ෂ ඇන්ඩෲ ස්ට්රෝස්ගෙන් මහේල ජයවර්ධන එරට ක්‍රිකට්
කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස එක්කර ගන්නා ලෙස පසුගිය කාලයේ ඉල්ලීමක් ද කර තිබිණ.
පහත වීඩියෝව බලන්න

පට්ට වීඩියෝ
October 19, 2015 at 4:42 am
වීඩියෝව බලන්න මෙතන click කරන්න-http://goo.gl/yItqTU