තරු හුට පට

සේයා නඩුවෙන් කොණ්ඩයා ගැලවෙයි

konadaya-n-saman2

කොටදෙණියාව සේයා සදෙව්මි 5 හැවිරිදි දැරිය බරපතළ ලිංගික අපයෝජනයක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලදී ඝාතන චෝදනා එල්ල වූ කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත ‍එකී චෝදනාවෙන් අද නිවැරදිකරු කරමින් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට මිනුවන්ගොඩ උසාවියෙන් අද නියෝගයක් ලැබී තිබෙනවා.

එහෙත් කොණ්ඩයා මෙම නඩුවෙන් නිදහස් වුවත් ගම්පහ හා අත්තනගල්ල උසාවි වල පවත්නා නඩු දෙකක් සම්බන්ධයෙන් තවදුරටත් ඔහු රිමාන්ඩ් කිරීමට ද නි‍යෝග කර ඇති බව වාර්තා වුණා.

කොණ්ඩයා ‍සේයා ඝාතන චෝදනාවෙන් නිදහස් වෙද්දී ඔහුගේ අයියා වන සමන් ජයලත් නැමැත්තා ලබන මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනූව සේයා සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කළ බව කියන සමන් ජයලත් නැමැත්තාට තවදුරටත් රිමාන්ඩ් බාරයේ සිටීමට සිදුවන අතර මෙම ඝාතනයට අදාළව සිදුකළ ඩී.එන්.ඒ පරික්ෂාවෙන් ද ඔහුගේ ජාන හා සේයා දැරියගේ ජාන අතර ගැලපීමක් ඇතැයි පසුගියදා තහවුරු වුණා.

ඒ අනූව මුළු රටක් කම්පා කළ මෙම සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරන පොලීසියට සැබෑ ඝාතකයා කවුදැයි කියන එක හෙළිකරගන්න ලොකු පහසු‍වක් වෙලා තියෙනවා වගේම උසාවියේදී මෙහි තීන්දුව ප්‍රකාශ කරන තුරු මෙම කෲර ඝාතනය කළ කළ ඝාතකයාට ලබාදෙන දඬුවම කුමක්දැයි අපිට බලා සිටීමට සිදුවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!