තරු හුට පට

හිටපු නායකයා තරඟ පාවාදීමට යෝජනා කළ බව වත්මන් නායකයා කියලා

100

මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් වන කතා බහ අලුත්දෙයක් නොවන බව කවුරුත් දන්නවානේ. මුදලට තරඟ පාවානොදුන් ක්‍රීඩා ඉසව්වක් නැතැයි කියන්න බැරිතරම් එම ගනුදෙනු දැන් ‍අස්සක් මුල්ලක් නෑර ලොවපුරා ඇහෙනවා. අන්තර්ජාල මාධ්‍යයෙන් ඒවාට වැඩි ප්‍රචාරයක් ලැබෙද්දීත්, මේ ගැන නඩු විභාගවෙද්දීත් මුදලට තරඟ පාවාදීම ගැන අලුත්ම කතාව ආරංචි වෙන්නේ නවසීලන්තයෙන්.

විශේෂත්වය වන්නේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ක්‍රිස් කෙයාන්ස්ට මෙම චෝදනාව එල්ලවීමයි. චෝදනාව එල්ල කරන්නේ එම කණ්ඩායමේ වත්මන් නායකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම්.

2012 අයි.පී.එල්. තරගාවලියේ දුෂණ පිළිබඳ නඩුවක් එංගලන්තයේ, ලන්ඩන් සවුත්වර්ක් ක‍්‍රවුන් අධිකරණයේදී මේ දිනවල විභාග වනවා. එහිදී චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් අතරට හිටපු නවසීලන්ත ක‍්‍රිකට් නායක ක‍්‍රිස් කෙයාන්ස් ද අයත්.

ඉතින් වත්මන් නවසීලන්ත ක‍්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ දිනයේදී එම නඩු විභාගයේ සාක්ෂි කරුවෙකු වෙමින් තමන්ගේ හිටපු නායකයෙකු වන ක්‍රිස් කෙයාන්ස් මුදලට තරඟ පාවාදීමට තමන්ට අවස්ථා 3කදී යෝජනා ගෙනා බව පවසා තිබෙනවා.

ඉන්දියාවේ, කොල්කටා හි හෝටල් කාමරයක් තුළදී මුදලට තරග පාවාදීම සඳහා ක‍්‍රිස් කෙයාන්ස් 2008 වසරේදී තමන්ට එසේ යෝජනා කළ බව මැකලම් පවසා ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කරනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!