බ්‍රිතාන්‍යයේ රජ මාලිගය කවදත් පුවත් මවන ස්ථානයක්.
මේ දිනවල බකින්හැම් මාලිගය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතබහට ලක්වන්නේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය හේතුවෙන්.
ලොවක් බලා සිටින රාජකීය අභිෂේකය සඳහා තවත් ඇත්තේ දින 02 ක් පමණයි.
ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා වෙමින් ඇති පසුබිමක් තුළ රජ කිරුළ දරා චාල්ස් රජු සිය පළමු විදෙස් සංචාරය සඳහා එක්වන්නේ කුමන රටට දැයි කතාබහක් හටගෙන තිබෙනවා.
කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ චාල්ස් රජු ඉන්දියාවට පැමිණීමට කැමැත්තෙන් පසුවන බවයි.
රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට තමා කැමති බවත් එය ඉක්මනින් සැලසුම් කළ යුතු බවත් චාල්ස් රජු පවසා ඇතැයි ඉන්දීය සම්භවයක් සහිත රජුගේ සම වයසේ මිතුරෙකු වන කරන් බිලිමෝරියා සාමිවරයා අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඉන්දියාව සහ බ්‍රිතාන්‍යයේ සබඳතා පිළිබඳ මාතෘකාව මතුව තිබෙනවා.
එහිදී රජු පවසා ඇත්තේ ඉන්දියාවේ සංචාරයක් ගැන සලකා බැලීමට බව බිලිමෝරියා සාමිවරයා පවසා ඇත.