Gossip

ඉන්දියාව හැඩකරන මල්…

ජම්මු – කාශ්මීරයේ දෙවන විශාලතම සහ ජම්මු කොට්ඨාශයේ විශාලතම ටියුලිප් උද්‍යානය වන සනාසාර් හි ටියුලිප් උද්‍යානයට රටේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙමින් සිටියි.

උද්‍යානය මනරම් තණබිම් වලින් වැසී වැව් පිටියකින් සමන්විතව අක්කර 5 ක් පුරා පැතිර ඇත.

එහි ප්‍රභේද 25කින් සහ විවිධ වර්ණවලින් යුත් ටියුලිප් පැළ ලක්ෂ 2.75ක් පමණ උද්‍යානයේ සිටුවා ඇත.

ඉන්දියාවේ නන් දෙසින් දේශීය සංචාරකයින් සහ විදේශීය සංචාරකයින් ටියුලිප් උද්‍යානය නැරඹීමට පැමිණෙන අතර එමඟින් ප්‍රදේශයේ සමාජ-ආර්ථික තත්ත්වය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂිතයි.

දේශීය සංචාරකයින් 25936 ක් ඇතුළුව සංචාරකයින් 43964 ක් මේ වසරේ මේ දක්වා කාලය තුල ටියුලිප් නැරඹීමට පැමිණ තිබේ.

උද්‍යානය තුළ පවතින ටියුලිප් මල්වලින් සියයට 40 ක් පමණ මේවනවිට පිපී තිබේ.

ඉතිරි ප්‍රමාණය දින 10 ක් ඇතුළත පිපිනු ඇති බව උද්‍යාන බලධාරීන් පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!