සොබා අසිරියෙන් අඩුවක් නොමැති කාශ්මීරයේ ඖෂධ, මල් වර්ග සහ පළතුරු වර්ග සඳහා ජාත්‍යන්තර වෙළඳපල තුළ පවතින්නේ ඉහළ ඉල්ලුමක්.
මීට පෙර කාශ්මීර නිම්නයේ පළතුරු වර්ග සහ ඖෂධ මෙන්ම මල්වර්ග ප්‍රධාන වශයෙන් අපනයනය කෙරුණේ ගල්ෆ් කලාපයේ රටවල් සඳහා පමණයි.
එහෙත් ඉන්දීය රජයේ අපනයන විවිධාංගීකරණයේ ප්‍රථිපලයක් ලෙස අද වනවිට ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල ඇති කුඩාම වෙළඳසැල්වල පවා කාශ්මීරයෙන් අපනයනය කෙරෙන වියළි පළතුරු වර්ග, රෝස තෙල්, ඖෂධ පැළෑටි අලෙවියට ඇති අයුරු දැකගත හැකියි.
රජයේ මැදිහත්වීම හරහා කාශ්මීරයේ ස්වභාවික ඖෂධීය ශාක නිෂ්පාදන ජාත්‍යන්තර සන්නාමයන් සමග කරටකර තරඟයක නිරත වී සිටියි.
ස්වභාවධර්මය විසින් හිමාලයට දුර්ලභ ඖෂධ පැළෑටි සහ ඖෂධීය ත්‍යාග ලෙස පිරිනමා තිබේ.
එහෙත් කාලයක් පුරා නීති පද්ධතියේ පැවති දුර්වලතා සහ කලාපය තුළ සාමකාමී පරිසරයක් නොතිබීම මෙන්ම වසර 30ක් පුරා දිගින් දිගටම කාශ්මීරයේ පැවැති නොසන්සුන්තා හේතුවෙන් එහි වැඩෙන ශාක සහ මල්වර්ග ඇතුළු ස්වභාවික සම්පත් සඳහා හොඳ කලක් උදා වූයේ නැත.
එහි ප්‍රතිපලය වූයේ කාශ්මීර නිම්නයේ වැඩෙන දුර්ලභ ශාක හා මල් වර්ග සොරකම් කිරීම සහ ජාවාරම් කිරීම බහුලව සිදු වීමයි.
එහෙත් ඉන්දීය රජයේ පූර්ණ මැදිහත්වීම මත මේවනවිට කාශ්මීරයේ ස්වභාවික ශාක, මල්වර්ග සඳහා ඇති තර්ජන පහව ගොස් තිබේ.
ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශාකසාර උද්‍යාන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු ශාක විශේෂ සඳහා ගබඩාවක් ඉදිකර ඇත.
එය හෙක්ටයාර් 18 ක භූමි ප්‍රමාණයක පුරා විසිරී පවතී.
එමෙන්ම වඳ වී ගිය ඖෂධ පැළෑටි සහ ශාක රජයේ මැදිහත්වීම ඉන්දියාවට ගෙනැවිත් ඒවා සංරක්ෂණය කිරීම සිදු කෙරෙයි.
ඒ සඳහා ඉන්දියාවේ විශ්ව විද්‍යාල පවා මැදිහත්ව සිටින අතර කාශ්මීරයේ ජාන විද්‍යාව සහ ශාක අභිජනන දෙපාර්තමේන්තුව එම කාර්යය සඳහා ඉදිරියෙන්ම සිටී.