Gossip

කාන්තාවන් වෙනුවෙන්ම විවෘත වන කාශ්මීරයේ කායවර්ධන මධ්‍යස්ථානය…

කාශ්මීරයේ Ganderbal දිස්ත්‍රික්කය තුළ කාන්තාවන් සදහාම වෙන්වූ කාය වර්ධන මධ්‍යස්ථානයක් තිබේ.

එහි හිමිකාරීත්වය දරන්නේ ද කාන්තාවක් විසින්.

Ganderbal තුළ සම්ප්‍රදායක් ලෙස පැවත ආ කාන්තාවන් සමාජ ක්‍රියාකාරකම්වලින් බැහැර කරමින් තිබූ සීමා මායිම් බිද දමමින් මෙම කායවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කළේ Razia Mushtaq.

ඇය Ganderbal හි කායවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කළ පළමු කාන්තාවයි.

නීති උපාධිධාරිනියක් වන Razia, සිය කායවර්ධන මධ්‍යස්ථානය නම් කර ඇත්තේ “313 Fitness Club” ලෙසයි.

කාන්තාවන් කායවර්ධන මධ්‍යස්ථානවලට පැම්ණීම දුර්වල ත්ත්තවයක පැවතීම සහ ඒ සදහා ඔවුන්ට වෘත්තීමය සුදුසුකම් සහිත පුහුණුකාරියන් නොමැති වීම තමන් පළමුව හදුනා ගැණුනු ගැටළුකාරී තත්ත්වයන් බව Razia පෙන්වා දෙයි.

කාශ්මීරයේ බොහෝ සෙයින් පවතින්නේ පිරිමි පාර්ශවය සදහා පමණක් වෙන්වූ කායවර්ධන මධ්‍යස්ථාන පමණයි.

එබැවින් සිය කායවර්ධන මධ්‍යස්ථානය කාන්තාවන් සදහා වැඩි වේලාවක් විවෘතව තැබෙන බව Razia පවසයි.

එය විවෘත කළ දිනයේ පටන් කාන්තාවන් රැසක් ඇය සමග එක්වූ බව ද Razia පෙන්වා දෙයි.

මේවනවිට ඇයගේ කායවර්ධන මධ්‍යස්ථානය වෙත දිනකට කාන්තාවන් 50 කට අධික පිරිසක් පැමිණෙන බව ද Razia පවසයි.

මේවනවිට අතිශය සාර්ථකව ක්‍රියාත්මක වුවත් එය විවෘත කිරීමේදී තමන් අභියෝග රැසකට මුහුණ දුන් බව ද Razia පෙන්වා දෙයි.

සාම්ප්‍රදායික සිතුම් පැතුම් හමුවේ කාන්තාවන් සදහා කායවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීම සම්බන්ධයෙන් සමාජයෙන් චෝදනා සහ විවේචන එල්ල වූ බව ද Razia සදහන් කරයි.

එහෙත් සිය පවුලේ සාමාජිකයින් තමන් සමගම සිටි බැවින් අභියෝග ජය ගෙන ඉදිරියට පැමිණිම බාධාවක් නොවූ බව Razia පවසයි.

නිවැරදි උපදෙස් අනුව ව්‍යායාම්වල නිරත වීම සෞඛ්‍ය සම්පන්න දිවියකට අතිශය වැදගත් බව ද Razia පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!