Gossip

තරුණයන් වැඩියෙන්ම කැමති ආත්මාරක්ෂක සටන මෙන්න

කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ට්‍රාල් හි, තරුණ පිරිමි ළමයින් සහ ගැහැණු ළමුන් ආත්මාරක්ෂක සටන් කලාවට යොමුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි.

ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ආත්මාරක්ෂක සටන් කලාව හදාරා වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වීමයි.

ට්‍රාල් හි ලුරෝව් ජාගිර් ගම්මානයේ පදිංචි ෆෙරෝස් අහමඩ් භාත්, ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු කළ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්.

ඔහු ‘ලීනිව්’ නමින් ඇකඩමියක් පවත්වාගෙන යයි.

විශේෂයෙන්ම දුර බැහැර ගම්මානවලින් පැමිණෙන ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරීමට කැමැත්තක් දක්වන තරුණ පිරිමි ළමයින් සිය ගණනක් භාත් යටතේ පුහුණුවීම් සිදු කරයි.

බාත් යටතේ ආත්මාරක්ෂක සටන් කලාව හදාරන සිසුන් ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ තරඟවලි රැසක ඔවුන්ගේ සලකුණ තබමින් ජය වාර්තා කර ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, ‘ලීනිව්’ ඇකඩමියේ ක්‍රීඩකයින් හත්දෙනෙකු විවිධ වයස් කාණ්ඩ යටතේ පැවැති තරගවලින් රන් පදක්කම් දිනා ගත් අතර, ජාතික මට්ටමේ ශූරතා සඳහා ද ඔවුන් තේරී පත් විය.

බාත්ගේ ඇකඩමියේ ක්‍රීඩකයින් 12 දෙනෙකු ජම්මු හි පැවති ජාතික ස්කේ ශූරතාවලිය සඳහා ද තෝරා ගන්නා ලදී.

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන කාණ්ඩ යටතේ තරග වදින ක්‍රීඩකයි 250ක් පමණ මේ වන විට තම ඇකඩමියට එක්වී සාර්ථකව ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු වෙමින් සිටින බව බාත් පවසයි.

බාත් යටතේ ආත්මාරක්ෂක සටන් කලාව හදාරන තරුණයන් පවසන්නේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමටත්, සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!