Gossip

අභ්‍යවකාශය තරණය කිරීමේ සිහිනය අතනොහරින ඉන්දියාව…

භාරතීය පුත්‍රයෙකු අභ්‍යවකාශ ගත කිරීමේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ඉන්දියාව තවදුරටත් කටයුතු කරමින් සිටියි.

ආ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මගපෙන්වීම යටතේයි.

ගගන්යාන් නමැති එම මෙහෙයුම දියත් කිරීමට ඉන්දියාව සූදානමින් සි 2022 වසරේදීයි.

එහෙත් බාධක කිහිපයක් ඊට හරස් වුණා.

කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්ධය එම බාධක අතර වනවා.

කෙසේ වෙතත්, පසුගිය වසර තුනහමාරක කාලය තුළ සිය ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස ඉන්දියාව නුදුරේදීම ගහන්යාන් මෙහෙයුම ක්‍රියාත්මක කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එවිට ඉන්දියාව ඉතිහාස ගත වන්නේ මානව අභ්‍යවකාශ පියාසර මෙහෙයුමක් සිදු කරන ලොව සිව්වන රට ලෙසයි.

ගගන්යාන් මෙහෙයුමේ අරමුණ වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු පෘථිවි කක්ෂය වෙත දියත් කිරීම සහ ඔවුන් ආරක්ෂිතව බෙංගාල බොක්ක හෝ අරාබි මුහුදු කලාපය හරහා පෘථිවියට ගෙන ඒමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!