Gossip

පාසලක් වෙනුවෙන් රටක් හෙල්ලූ දැරියක්…

ජම්මු කාශ්මීරයේ කතුවා දිස්ත්‍රික්කයේ ලොහායි මල්හාර් ගම්මානයේ සීරත් නාස් නමැති දැරියක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.

එමගින් ඇය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ කනගාටුදායක තත්ත්වයට පත්ව ඇති සිය පාසල ඉක්මනින් අලුත්වැඩියා කර දෙන ලෙසයි.

තමන් ඉගෙනුම ලබන රජයේ උසස් පාසලේ යටිතල පහසුකම් නංවාලීමට පරිපාලනය අවශ්‍ය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද කුඩා සීරත් අදාළ වීඩියෝව හරහා පවසා තිබේ.

ඈත කඳුකර ගම්මානවලින් පැමිණෙන සිසුන් 300කට ආසන්න පිරිසක් ලොහායිහි රජයේ උසස් පාසලේ ඉගෙනුම ලබන බව ඇය සඳහන් කර සිටියි.

තමාට මෙන්ම සෙසු සගයන්ට අවශ්‍ය පුටු මේස සහිත නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර ගොඩදෙන ලෙස ද ඇය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ඇය පවසන්නේ ඇගේ අනාගත බලාපොරොත්තුව රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කිරීම බවයි.

මේ වනවිට 03 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සීරත්ගේ පියා හිමාචල් ප්‍රදේශ්හි දෛනික කම්කරුවෙකු ලෙස සේවය කරයි.

එවන් පවුල් පසුබිමකින් පැවත එන තමන් මෙන්ම තවත් දරු දැරියන් සිය ගණනකගේ ඉල්ලීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වෙතැයි විශ්වාස බව ඇය පවසා සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!