Gossip

75 වසරකට පසුවත් අළුත් වන මිත්‍රත්වයේ බැඳීම්…

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සංස්කෘතික වටිනාකමින් හෙබි පාරම්පරික ඡායාරූප ද්විත්වයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි එරට විදේශ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛීගේ කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ඒ ඉන්දු – ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා 75 වසරක් සපිරීමට සමගාමීවයි.

එම ඡායාරූපවලින් දැක්වෙන්නේ මෙරට සිත්තරුන්ගේ පරම්පරාවේ ප්‍රවීණ ශිල්පියෙකු වන සෝලියස් මෙන්දිස් මහතා කැලණිය රජමහා විහාරයේ සිතුවම් කර ඇති බිතු සිතුවම් දෙකක්.

එක් බිතු සිතුවමක නිරූපණය කර ඇත්තේ මහා භාරතයේ සිට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර අනතුරුව දේවානම්පියතිස්ස රජුට නිර්මල බුදුදහමේ පණිවිඩය දේශනා කරන අයුරුයි.

භාරතයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා අංකුරය රැගත් සංඝමිත්තා තෙරණියගේ ශ්‍රී ලංකාගමනය අනෙක් සිතුවමෙන් දැක්වෙයි.

එම ඡායාරූප මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික වශයෙන් ශක්තිමත් සහ නොබිඳිය හැකි බැඳීම සංකේතවත් කරන බව ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් වූ ආකාරය ද ඉන් පිළිඹිඹු වන බව ද එහි සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!