Gossip

සැමියා වෙනුවෙන් රටේ බර කරටගත් බිරිඳගේ කතාව…

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ ඇකඩමියෙන් සිය පුහුණු කටයුතු සම්පූර්ණ කළ කැඩට් නිලධාරීන් 200 දෙනෙකු 29 වනදා ඉන් පිටව යාමට නියමිතයි.

එම පිරිස අතරට කාන්තා නිලධාරිනියන් 40 දෙනෙකු ද අයත්.

ඉන් කාන්තා ශිෂ්‍යභට නිලධාරිනියන් පස් දෙනෙකු කාලතුවක්කු රෙජිමේන්තුවට බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් මෙම කාන්තා භට කණ්ඩායමේ විශේෂත්වය වන්නේ රට වෙනුවෙන් දිවි පිදූ හමුදා නිලධාරියෙකුගේ බිරිඳක් ද ඒ අතර වීමයි.

ඇය නමින් රේඛා සිං.

රේඛා සිං යනු 2020 වසරේ ජුනි මාසයේදී නැගෙනහිර ලඩාක් හි ගැල්වාන් නිම්නයේ දී චීන මහජන විමුක්ති හමුදාව සමඟ ඇති වූ ගැටුමකදී මියගිය නිර්භීත හමුදා සෙබළුන් 20 දෙනා අතර සිටි Naik Deepak Singh  ගේ බිරිඳයි.

මරණින් අනතුරුව ඔහු ඉන්දියාවේ තුන්වන ඉහළම යුධ කාලීන හමුදා ගෞරව නාමය වන වීර චක්‍ර ලෙස පිදුම් ලැබුවා.

සිය සැමියා රට වෙනුවෙන් ලබා දුන් දායකත්වය ඉදිරියට රැගෙන යාම සඳහා හමුදාවට එක්වන රේඛා සිං ලුතිනන්වරියක් ලෙස බඳවා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!