Gossip

රජය නිසා සැබෑ වන කාශ්මීරය ජනතාවගේ බලාපොරොත්තුව…

ඉන්දියාවේ කාශ්මීර කලාපය තුළ වෙසෙන නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ නිවාස යෝජනා ක්‍රමය අවසන් අදියර දක්වා පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක Pradhan Mantri Awas Yojana නිවාස යෝජනා ක්‍රමය යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ඒ අනුව කාශ්මීර කලාපයේ වෙසෙන ස්ථිර පදිංචිය සඳහා නිවාස නොමැති ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින්

නිවාස නොමැති කාශ්මීර ජනතාව වෙනුවෙන් නිවසක් ඉදිකර දීම සඳහා එම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුවයි.

ඒ යටතේ නිවාස 54,000ක් ඉදිකිරීම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි.

ජම්මු කාශ්මීරයේ ජනතාවගෙන් සියයට 70 ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවල දිවි ගෙවයි.

2019 වසරින් පසු එම ගම්මානවල යටිතල පහසුකම් වැඩිදියුණු කර නිවාස නොමැති දහස් ගණනකට ඔවුන්ගේම නිවාස ඉදිකරදීම රජයේ ඉලක්කයයි.

ඒ යටතේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීමේ වැඩසටහනක් ද කාශ්මීරයේ ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!