Gossip

ඊජිප්තුවේන් මතුවූ ඉන්දියානු උරුමය…

රතු මුහුදේ පිහිටි ඊජිප්තුවේ පැරණි බෙරෙනිස් වරායෙන් බුද්ධ ප්‍රතිමාවක් සොයා ගෙන තිබේ.

ඒ, පෝලන්ත අමෙරිකානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් රෝම යුගයට අයත් මෙම ප්‍රතිමාව සොයා ගෙන ඇත්තේ බෙරෙනිස්හි පෞරාණික දේවාලයේ සිදුකළ කැනීම්වලදියි.

රෝම අධිරාජ්‍යය යටතේ ඉන්දියාව සමඟ පැවති වෙළඳ සබඳතා පිළිබඳ ඉන් මනාව සාක්ෂි සපයන බව ඊජිප්තුවේ උත්තරීතර පුරාවස්තු කවුන්සිලයේ ප්‍රධානී මොස්ටාෆා අල්-වසිරි පවසයි.

බෙරෙනිස් යනු රෝම යුගයේ ඊජිප්තුවේ පැවැති විශාලතම වරායන්ගෙන් එකක් බවත්, කුළුබඩු, වටිනා ගල්, රෙදිපිළි සහ ඇත්දළවලින් පිරුණු ඉන්දියාවේ නැව් සඳහා බොහෝ විට එය ගමනාන්තය වූ බව ද ඔහු පවසයි.

පිළිමයේ දකුණු පැත්තේ කොටසක් සහ එහි දකුණු පාදය අතුරුදහන්ව ඇත

එහි උස සෙන්ටිමීටර 71 (අඟල් 28) ක් පමණ වන අතර බුදුන් වහන්සේගේ හිස වටා ප්‍රවාහයක් සහ ප්‍රතිමාවේ පසෙකින් නෙළුම් මලක් නිරූපණය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!