Gossip

නරඹන්නන් අනතුරක දැමූ චීන සර්කස් කණ්ඩායමක් තහනම් කරයි…

චීනයේ සර්කස් සංදර්ශනයක් අතරතුර ඒ සඳහා රැගෙනවිත් තිබූ සිංහයින් දෙදෙනෙකු පලා ගොස් තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ චිනයේ Henan පළාතේ පැවැති සර්කස් සංදර්ශනයකින්.

සර්කස් සංදර්ශනය සඳහා කූඩුවක් තුළ දමා රැගෙන විත් තිබූ සිංහයින් දෙදෙනෙකු සංදර්ශනය අතරතුර නොසන්සුන් වන ආකාරය සහ අනතුරුව කූඩුවේ විවෘත කර තිබූ දොරටුවකින් පලා යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇතැම් වාර්තා පැවසුවේ සර්කස් සංදර්ශනය සඳහා සිංහයින් හැසිරවූ පුද්ගලයින් එම සතුන්ට හිංසා පැමිණවීම සහ නරඹන්නන්ගේ ඝෝෂාව මධ්‍යයේ එම සතුන් නොසන්සුන් වූ බවයි.

සිංහයින් කූඩුවෙන් පිටතට පැමිණීමත් සමග ඇතැම් පිරිස් කූඩුව තුළට ගොස් එහි දොරටු වසා ගන්නා අතර තවත් පිරිසක් කුඩා දරුවන් රැගෙන එම ස්ථානයෙන් දිව ගොස් තිබෙනවා.

අනතුරුව සිංහයින් දෙදෙනා අල්ලා ගෙන කූඩු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබේ.

මෙම සිද්ධියත් සමග අදාළ සර්කස් කණ්ඩායමේ සංදර්ශන තාවකාලිකව තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!