Gossip

ගොවීන්ගේ අධ්‍යාපනයටත් මුදල් වෙන් කරන රටක්…

ඉන්දියාවේ ප්‍රධාන ශක්තීන්ගෙන් එකක් වන්නේ එරට ශක්තිමත් කෘෂිකාර්මික අංශයයි.

එමඟින් ඉන්දියාව සිය රටේ ආහාර අවශ්‍යතා සඳහා ස්වයංපෝෂිත වී සිටියි.

ලෝකයේ භූමි සම්පතෙන් සියයට 12ක් සහ ගෝලීය ජල සම්පතෙන් සියයට 4ක් පමණක් භාවිතා කරමින් ලෝක ජනගහනයෙන් සියයට 18කට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉන්දියාවට මේවනවිටත් ඇත.

ඉන්දියාවේ ගොවීන් රටේ කෘෂිකාර්මික දේශගුණික කලාප 20 ක්, ප්‍රධාන දේශගුණික කලාප 15 ක් සහ ඉන්දියාවේ දක්නට ලැබෙන පස් වර්ග 46 ක් හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබේ.

ඉන්දීය රජය ඒ වෙනුවෙන් කෘෂිකාර්මික අංශය සවිබල ගන්වා ඇත.

2023-24 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 15 කට අධික අයවැය ප්‍රතිපාදන කෘෂිකර්ම සහ ඒ ආශ්‍රිත අංශය වෙනුවෙන් වෙන් කර ඇත.

ඉන් ගොවින්ගේ අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල රුපියල් කෝටි නවදහසක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!