Gossip

දිනෙන් දින ශක්තිමත් වන ඉන්දියාවේ සංචාරක කර්මාන්තය…

අරුණාචල් ප්‍රදේශ්හි චීන දේශසීමාවේ පිහිටි ගම්මාන සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීමට ඉන්දීය රජය පියවර ගනිමින් ඇත.

දේශසීමා ආසන්නයේ චීන ආධිපත්‍යය නැගී ඒම පාලනය කිරීම එහි අරමුණයි.

චීන රජය අරුණාචල් ප්‍රදේශ්හි ස්ථාන එකොළහක් යළි නාමකරණයට ලක් කිරීමෙන් පසු ඉන්දියාව සහ චීනය අතර මතභේදාත්මක තත්ත්වය තවත් උත්සන්න වී ඇත.

කෙසේවෙතත් ඉන්දීය රජය සිය බලය පතුරුවා හරිමින් දේශසීමා ආසන්නයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ නිරත වී සිටියි.

චීනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දියාව අරුණාචල් ප්‍රදේශ්හි චීන දේශසීමාවේ ගම්මාන සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ප්‍රදේශයේ පවතින ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසර පද්ධතිය සංචාරකයින් ආකර්ශනය කරගැනීමෙහි සමත් බව ද විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම අරුණාචල් ප්‍රදේශ් රජය දෙවන ලෝක යුද සමයේදී එම ප්‍රාන්තයට ගුවන් යානයක් කඩා වැටුණු ස්ථාන‍ය සංචාරකයින්ගේ ආකර්ශනය හිමි ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇත.

ඒ ඔස්සේ ප්‍රාන්තයේ ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කිරීම බලධාරීන්ගේ අරමුණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!