13වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මළල ක්රීඩා වලින් ඉහල දස්කම් දක්වන්න ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා .
ඒ රන් පදක්කම් 15ක් සමඟින්.
ඒ රන් පදක්කම් 15ට පිරිමි මීටර් 800 තරඟයට සහභාගී වුණු ඉඳුනිල් හේරත්ගේ රන් පදක්කම ලොකු වටිනාකමක් එක් කළා.
මෙම තරඟයට සහභාගී වීමට පෙර ඉදුනිල් දැඩි ලෙස අසනීපව රෝහලක ප්රතිකාර ලබා සිට තිබෙනවා.
කාලයක් පුරා සිදුකළ කැපකිරීම අසනීපය නිසා පසෙලකට නොදැමූ ඉඳුනිල් රෝගී තත්ත්වයෙන්ම මෙම තරගයට එක්වීම විශේෂත්වයක්.
ඒ අනුව මීටර් 800 තරඟයට සහභාගී වූ ඉඳුනිල් සියල්ලන්ම පරාජය කරමින් රන් පදක්කමින් ලක් මාතාව බබලවන්නට සමත් විය.
