Gossip

“හොඳ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් ඒ ගැන හිතල බලල හොයල බලල කැමැත්ත දෙනවා” – රුක්ෂානා දිසානායක – Photos

නව පරපුරේ රංගන ශිල්පීන් අතර රසික හදවත් ආදරයෙන් වැළඳගත් කෙනෙක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ.
ඇය මෙතෙක් පැමිණි ගමන්මග ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

උපාධිධාරිණියක වන ඔබ රංගනයට අමතරව වෙනත් රැකියාවක් ගැන හිතනවද?
ඔව්. අනිවාර්යයෙන්ම අනාගතයේ මම ගුරුවරියක් වෙයි. මේ වන විට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරල තියෙන්නෙ. මම දන්නෙ නැහැ අපිට කොයිකාලෙ රැකියා පත්වීම් ලැබෙයිද කියලා. ලැබෙනකම් බලාගෙන ඉන්නව.

රජයේ පාසලක ගුරුවරියක් නොවුණත් ඔබ නර්තනය උගන්වන ගුරුවරියක් නේද?
ඔව්. මම දැනට කරන පන්තිවලට අමතරව කිරිබත්ගොඩ අලූත් පන්තියක් පටන් ගත්තා. ඊට අමතරව නර්තන කණ්ඩායමේ වැඩ ටිකත් කරගෙන යනවා.

ඒ කියන්නෙ බොහෝ කාර්ය බහුල කාලයක්?
එහෙම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. ටෙලි නාට්‍ය තුනක රඟපෑවට එකම දවසෙනෙ සැළසුම් කරල රූගත කිරීම් කරන්නෙ. ඉස්සර වගේ ලොකු කාලයක් යොදාගන්නෙ නැහැනෙ.

අඩු කාලයක් තුළ නිර්මාණ බිහිවෙන ක්‍රමය ගැන රුක්ෂානා සතුටු වෙනවද?
ඒක හොඳ නම් නැහැ කොහොමටවත්. අපිට අපේ චරිතය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ තරම් ඉක්මන්. මං හිතන්නෙ ඒක හොඳ නිර්මාණයක් බිහිවෙන්න බාධාවක්. නමුත් අපි වෘත්තීය මට්ටමෙන් මේක කරන නිසා ඒ රැල්ලත් එක්ක යන්න සිද්ධ වෙලා තියෙනව.

රැල්ලේ ගසාගෙන යන වෘත්තියක හිමිකාරියක් විම ගැන පසුතැවෙනවද?
අපෝ එහෙම නැහැ. මම ගොඩක් සතුටු වෙනව මේ වෘත්තියට පිවිසෙන්න ලැබීම ගැන. ඒ වගේම ලොකු ආඩම්බරයකුත් තියෙනව. මං ගොඩක් දුක් මහන්සිවෙලා තමයි මේ දේවල් ලබාගත්තෙ. ඒ විදිහට අමාරුවෙන් ලබාගත්ත දේවල් ගැන නිහතමානීව සතුටු වෙනව.

ලැබෙන විවේකය රුක්ෂානා ගතකරන්නෙ කොහොමද?
ගෙදරම ඉන්න තමයි කැමති. ගෙදර අස්පස් කරනව කෑම හදනව වගේ දේවල් කරන්න තමයි ගොඩක්ම ආස.

දැන් විවාහවෙන කල වයසත් හරි නේද?
වයස නම් හරි. ඒ වුණාට ඒකට සුදුසු කෙනෙක් තවම හමුවෙලා නැහැ.

යෝජිත විවාහයකට ද කැමති?
එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ. හොඳ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් ඒ ගැන හිතල බලල හොයල බලල කැමැත්ත දෙනව.

මේ තරම් ජනප්‍රිය චරිතයකට එහෙම යෝජනා හිඟ වෙන්න බැහැනෙ?
මුහුණු පොතෙන් මැසේජ් එකක් එව්වට මම ඒවට නම් පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. එහෙම හැමෝම විශ්වාස කරන්න අමාරුයිනෙ. අද කාලෙ පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන කාලයක් මේ. හරි විදිහට කෙනෙක් ඇවිත් ඇහුවොත් ඒකට උත්තර දෙන්න ලෑස්තියි.

දැන් මේ ක්ෂේත්‍රයේ ස්ථාවරය හදාගෙන අවසන්ද?
එහෙම කියන්න බැහැ. මම හිතනව මම යම්කිසි තැනක් හදාගෙන තියෙනව කියල. එහෙම කියල මම ලොකුවට මේ රටේ ජනප්‍රිය නිළියක් නෙවෙයි. මම ප්‍රධාන චරිත ගොඩක් කරපු කෙනෙක් නෙවෙයි. මේ වෙනකම්ම ප්‍රධාන චරිත දෙකයි කරල තියෙන්නෙ.

රුක්ෂානාගේ යාලූවො කලා ක්ෂේත්‍රයේ අයද?
ක්ෂේත්‍රයේ යාලූවො ඉන්නව නැතිව නෙවෙයි. හැබැයි මම යාලූවන්ව නිතරම මුණගැහිලා ආශ්‍රය කරන්න යන්නෙ නැහැ. අවශ්‍ය අවස්ථාවක දේකට යනව විතරයි ගෙදරට වෙලා ඉන්න තමයි කැමති.

රුක්ෂානා කියන්නෙ ඉක්මන් කේන්තිකාරියක්ලූ නේද?
මට හරියට කේන්ති යනව. මං ඉන්න තැන අසාධාරණයක් සිද්ධ වෙනව නම් මට ඒක දරාගන්න බැහැ. කෙනෙක් අසාධාරණයක් වැරැද්දක් කළොත් ඒකට තමන්ට අනිවාර්යයෙන්ම විඳවන්න වෙනව කියල මම විශ්වාස කරනව. මම කාටවත් වැරදි කරන්නෙ රවට්ටන්නෙ නැහැ. කව්රු හරි කෙනෙක් මට එහෙම කළොත් අනිවාර්යයෙන්ම මට තරහ යනව.

ඔය තරහ යන එක රඟපෑම් අතරතුරත් වෙනවද?
මම කවදාවත් දර්ශන තලවල එහෙම තරහ පිටකරන්න යන්නෙ නැහැ. ඇස් පනාපිට වැරදි සිද්ධ වෙනව දකිනව නමුත් ඒ දේවල්වලට එරෙහිව කතා කරන්න තරම් තවම අපිට මේ ක්ෂේත්‍රයේ තත්ත්වයක් නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!