20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වන මිනුෂි චිල්ලාර් මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ හිමිකරගෙන තිබෙනවා.
ඇය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජීවත්වන තරුණියක්.
ඊයේ චීනයේ සන්‍යාහි පැවැත්වුණු ලෝක රූ රැජින අවසන් තරගයේදී ඇය මෙම කිරුළ හිමිකරගත්තා.
අනුශූරතාව හිමිවුණේ මෙක්සිකෝ රූ රැජින ඇන්ඩ්‍රියා මීසාටයි.
2000 වසරේදී ප්‍රියංකා චොප්රා ලෝක රූ රැජින වීමෙන් පසුව වසර 17 කට පසුවයි ඉන්දියානු තරුණියක් මෙලෙස ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේ.
මනුෂි හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන අතර ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල රෝහල් ඉදිකිරීමටද ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා.
