Gossip

මගෙ පෙම්මවතිය මට හම්බවුණේ facebook එකෙන් – චිලී

ජනප්‍රිය ගායක චිලි තිලංකගේ ආදර කතාව ගැන සති අන්ත පුවත් පතක් හා යෙදුන පිලිසදරකි මේ.

ඔබ පෙම්වතෙක්‌ වන්නේ පාසල් සමයේදිමද?

නැහැ. ඉස්‌කෝලෙ යන කාලෙ මම ආදරයක්‌ ගැන හිතුවෙම නැහැ. මම පාසල් වියෙත් ආකර්ශණීය චරිතයක්‌ වුණාට ගැහැනු ළමයි සම්බන්ධව මම හරිම ලැඡ්ජා සහගත චරිතයක්‌. ඒ නිසා පෙම්වතෙක්‌ වෙන්න මට හිතුණෙ නැහැ. ඇත්තම කියනව නම් මට ඒ ගැන උනන්දුවක්‌ තිබුණෙත් නැහැ.

චිලි බලාපොරොත්තු වුණ කෙනා මොනවගේද?

මම බලාපොරොත්තුවෙන් හිටියෙ ප්‍රථමයෙන් කෙනෙක්‌ දැක්‌ක ගමන් මට එයා ගැන ආදරයක්‌ ඇතිවෙලා ආදරය මගේ කරගන්නයි. ඇත්තම කියනව නම් ලස්‌සන තිබුණට වෙනත් ආකර්ශණීය ලක්‌ෂණ තිබුණට මගේ හිත එයා ගැන හැඟීමක්‌ ඇතිවුණේ නැහැ. ඒ නිසා ක්‍ෂේත්‍රයට ඇවිල්ලත් ටික කාලයක්‌ යනතුරු මම පෙම්වතෙක්‌ වුණේ නැහැ. මට කෙනෙක්‌ව දැනුණෙ නැහැ.

ආදරයට ලබන්න හා ආදරය කරන්න සියලුම සාධක ඔබ ළග තියෙද්දි ඔබ නිරුත්තරව බලා හිටියාද?

චිත්‍රපටවලින් පොත්වලින් කියවෙන ආදරයට වඩා සැබෑ ආදරය වෙනස්‌ කියල මම හඳුනගෙන හිටිය කෙනෙකුගෙ හිතේ කෙනෙක්‌ ගැන. ආදරය ඇතිවෙනව කියන එක වෙනමම දෙයක්‌. ඒත් කාලයක්‌ යද්දි මට හිතුණ මෙහෙම හිටියොත් මම තනියමම ජීවිතය ගෙවල දමයි කියල ඒ නිසා මම හිතුව මට ආදරය හිතෙන කෙනෙකුට ආදරය කරල බලන්න ඕනැ කියල.

චිලීගේ පළමු පෙම කව්ද?

ඒ අනුව මම ආදරයක්‌ පටන් ගත්ත. ඒ වෙද්aදි මම ක්‍ෂෙත්‍රයේ ජනප්‍රිය වෙමින් හිටිය කාලය ඇය ගුවන් සමාගමක රැකියාව කළ යුවතියක්‌. ඒත් ඔය ආදරය පටන් අරන් ටික කාලයක්‌ යද්දි මට දැනුණා ඒක මට ගැලපෙන්නෙ නැහැ කියල එතන ඉන්නෙ මම නෙවයි කියල. තවදුරටත් එයාට බොරුවක්‌ කරන්න මට ඕන වුණේ නැහැ. ඒක මට විඳින්න අපහසු ආදරයක්‌ කියල වැටහුණාට පස්‌සෙ මම තීරණයක්‌ ගත්ත.

ඊට පස්‌සෙ?

ඊට පස්‌සෙ අපහසුවෙන් වුණත් මේ නොගැලපීම ගැන මම ඇයට වටහල දුන්න. අපිට තවදුරටත් මේ සම්බන්ධය අරගෙන යන්න බැහැ කියල. ඉන් පසුව අපි වෙන්වුණා.

ඉන්පසුව චිලී ආදරය කරන්න ආදරය විඳින්න උවමනා වුණේ නැතිද?

ඊට පස්‌සෙ ප්‍රේම සබඳතා දෙකක්‌ විතර තිබුණා. ඒ හැම දෙයක්‌ම මට නොගැලපෙන තැනම තීරණය කළා, ඒ ආදර සබඳතාවලට සමුදෙන්න.

ඒත් අද ඔබ සත්වසරක්‌ වියපත් ප්‍රේමයක හිමිකාරයෙක්‌?

ඊට පස්‌සෙයි මම දැන් ආදරය කරන රිනී මට හමුවුණේ. එයාව නම් මම දැක්‌ක දවසෙම වෙනසක්‌ දැනුණා. මෙයා මට ගැලපෙන ගැහැනු ළමයා කියල මට හිතුණා.

චිලීට රිනීව හමුවුණේ ඔබේම රසිකාවියන් අතරින්ද?

එයා මට හමුවුණේ මුහුණු පොතෙන්. අපි හඳුනාගන්න කාලය වෙද්දි එයා පදිංචි වෙලා හිටියෙ ඉතාලියෙ. මුහුණු පොතේ මිතුරන් වුණ අපි ටික කාලයක්‌ මුහුණු පොතෙන් චැට්‌ කළා. පස්‌සෙ එයා ආව මාව දකින්න ලංකාවට.

ඇය ලංකාවට එද්දි මිතුරිය පෙම්වතිය වෙලාද හිටියෙ?

නැහැ අපි හොඳ මිතුරන් විදිහටයි පළමු හමුවීම සිදුවුණේ. එදාම මට ඇය ගැන ආදරයක්‌ ඇතිවුණා. මම මගේ ආදරය ප්‍රකාශ කළා.

දැනටත් ඇය පදිංචි වෙලා ඉන්නෙ විදේශයකද?

නැහැ ඇය දැන් ලංකාවේ ඉන්නෙ. ඇගේ දෙමවුපියන් විදේශයක හිටියත් රිනී මා නිසාම ලංකාවේ ඉන්න තීරණය කලා. මගේ ව්‍යාපාරයේ ඇඳුම් නිර්මාණය කරන්නෙත් ඒ ව්‍යාපාර කටයුතුවලට සහය දෙන්නෙත් රිනී තමයි.

චිලීගේ විවාහයත් අත ළගට ඇවිත්ද?

විවාහ වෙන්න ඕනෑ ඒත් දැන්ම ඒ ගැන සැලසුමක්‌ නැහැ. ඉදිරි කාලයේ එය සිදුවේවි.

ආදර හිතෙන් දුන්න පළමු තිළිණය මොකක්‌ද?

මම රිනීට පෙන්ඩන්ට්‌ එකක්‌ තෑගි දුන්න.

ඔබලා දෙදෙනාගේ ආදරයට වැඩිහිටි ආශිර්වාදයත් චිලී අපේක්‌ෂා කළාද?

ඇත්තටම ප්‍රේම සබඳතාවක්‌ පටන් ගනිද්දි දෙමවුපියන් දැනුවත් නොකළට විවාහය වගේ දේකදි අනිවාර්යෙන්ම දෙමවුපියන් දැනුවත් කරල ඔවුන්ගෙ ආශිර්වාදය ඇතිව විවාහ වෙන්න ඕනැ කියලයි මම හිතන්නෙ.

තාරුණ්‍යයේ සිහින කුමාරයෙක්‌ වෙලා ඉන්න චිලීට පෙම්බඳින රසිකාවියොත් ඇති නේද?

ඉන්නව ගොඩක්‌ යුවතියන් මට ආදරය කරනව. එයාල ආදරෙයි කියල කියනව ඔවුන් මගේ හඬට රූපයට ආදරය කරන පිරිසක්‌ විතරයි. ඒත් ඒ ආදරය ඒක පාර්ශවික ආදරයක්‌ විතරයි මට පුළුවන් ඒ අයට කරුණාව දක්‌වන එක විතරයි. මට එයාලට ආදරය දෙන්න බැහැ කියල කාලයක්‌ යද්දි ඒ අය තේරුම් ගන්නව. පසුව ඔවුන් රසිකත්වයෙන් හා මිත්‍රත්වයෙන් මා හා ඇසුරු කරනව.

බාහිරෙන් හරිම සෙල්ලක්‌කාර තරුණයෙක්‌ වගේ පෙනෙන චිලී ඇතුලාන්තයෙන් හැඟුම්බර කෙනෙක්‌ද කියල මට හිතෙනව.

සාමාන්‍ය ජීවිතය බාහිරින් පෙනෙන දේ නෙවෙයි මගේ ඇතුළාන්තය. විශේෂයෙන්ම ආදරය කියන මාතෘකාවෙදි මම ගොඩක්‌ වගකීමෙන් හිතන කෙනෙක්‌. ආදර සබඳතාවයකදි අනෙකාට උපරිම සාධාරණයක්‌ ඉටුකරන්න මම උත්සාහ කරනව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!