Gossip

රටම කැළඹූ ගාල්ල ගිංතොට ආරවුලේ අලුත්ම තත්ත්වය මෙන්න

ගාල්ල ගිංතොට ඇතිවූ ආරවුල දැන් සමතයකට පත්වී තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
ත්‍රිවිධ හමුදාව ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත් ජනතාව එදිනෙදා වැඩකටයුතු සිදුකරගෙන යන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
වෙළඳසැල් හා අනෙකුත් ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන බවද වාර්තා වනවා.
ගාල්ල ගිංතොට ඇතිවූ මෙම ගැටුමට සම්බන්ධව පුද්ගලයින් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.
මේ අතර ඊයේ සවස පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!