ගුරුවරයෙකු විසින් පාසලේ සිසුවියන් සිප ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙලක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ උසස් පාසලක ගුරුවරයෙකු වන ෆයිසුඩින් ලාස්කර් නමැති පුද්ගලා සිසුවියන් සමඟ විවිධ ඉරියව්වලින් සිටින අසභ්‍ය පින්තූරයි මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබුණේ.
මෙම ඡායාරූප පිටුපස කළු ලෑල්ලක් තිබීම නිසා මෙය පංති කාමරයක් ලෙස අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙම ගුරුවරයා මීට පෙරද සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබූ අයෙක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම සිදුවීමට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන නොතිබූ බවත් මෙම සිදුවීමට ඔහුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
