Gossip

දෙපාරක් හිතන්නේ නෑ සංගීතය නිසා මම රංඟනය අතහරිනවා – Photos

රවීන් කියන නමට වඩා අනුහස් කියන නම් ඇහුණොත් ඕනම කෙනෙක්ට මතක් වෙන්නේ දෙවැනි ඉනිම.
ඒ තරමටම අනුහස් කියන චරිතය වටා රසික හදවත් බැඳිලා ඉන්නවා.
ඉතිං මේ ආදරණීය චරිතය ගැන සතිඅන්ත පුවත්පතක තිබුණු පිළිසදරක් ඔබට ගෙන එන්න අපි හිතුවා.

රවීන් කියනවටද අනුහස් කියලා කතා කරනවටද කැමති..?
ඒක ඉතිං තීරණය වෙන්නේ රසික රුචිකත්වය මත. මට ඒ නම් දෙකෙන් කොහොම කතා කළත් මගේ නම් එහෙම අකමැත්තක් නැහැ. මොකද මං ඒ රවීන්ට සහ අනුහස්ට ගොඩක්ම කැමතියි.

ඉතිිං රවීන් කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ..?මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. ඒ විශේෂයෙන්ම දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක.
ඒ වගේම මගේ සංගීත කටයුතුවල වැඩත් කරගෙන රූගත්කිරීම් එක්ක කාලය ගත කරනවා.

රවීන් රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද..?
දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය තමයි මම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. කලින් එහෙම රංගනයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. මොකද මගේ දක්ෂකම තිබුණේ ගායනයට.

කොහොම වුණත් සාරංග මෙන්ඩිස් මහත්තයා ඇතුළු පිරිසකගේ ආරාධනය නිසා තමයි විශ්වාසයෙන්ම පටන්ගත්තේ රඟපාන්න.

ගායකයෙක් විදිහට ආපු රවීන් රඟපෑමට දක්ෂයෙක් කියා කලින් හිතුවද..?
අනේ නැහැ.. විශේෂ දක්ෂතාව තිබ්බේ වැඩිවශයෙන් ගායනයට. කොහොම හරි පාසල් යන අවදියේ මට මතකයි පොඩි කාලේ වේදිකා නාට්‍යවල පොඩි පොඩි චරිතවලට සහභාගී වෙලා තියෙනවා.
නමුත් එහෙම විශේෂයෙන් අවධානයක් යොමු කරලා රඟපාන්න නම් එහෙම ගිහින් නැහැ.
දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය තමයි මම හිතන්නේ හැරවුම් ලක්ෂය මගේ රංගන ජීවිතේ.

කොහොමද සංගීත වැඩ කටයුතු..?
හොඳින් සිදුවෙනවා.
නමුත් පොඩ්ඩක් නිහඬ වෙලා හිටියා වැඩකටයුතු කිහිපයක් නිසා.
නැවතත් ළඟදිම දක්ෂ ශිල්පීන් කීප පෙළක් එක්ක නිර්මාණයක් කරන්න සූදානමින් ඉන්නවා.
දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය හරහාත් ඉදිරියේදී අනුහස්ගේ ජීවිතය සම්බන්ධ ගීතයක් රසිකයන්ට දකින්න පුළුවන් වෙයි. ඒ වගේ මගේම නිර්මාණ කිහිපයකුත් දකින්න ලැබෙයි.

රංගනය නිසා රවීන් සංගීතයෙන් ඈත් වෙලා කියලා හිතෙන්නේ නැද්ද..?
කීයටවත් නැහැ. මේ ලෝකේ සංගීතයෙන් ඈත් වෙන්න මට නම් කවදාවත් බැරිවෙයි.
ඒ සම්බන්ධය තරම් ඒ තරම් ප්‍රබලයි. අනික මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් මංනම් හිතන්නේ නෑ සංගීතයෙන් ඈත් වෙන්න කැමතියි කියලා. කවදා හරි දවසක සංගීතය නිසා මට රංගනය අතහරින්න වුණොත් මම ඒ දේ නම් දෙවරක් නොහිතාම සිදුකරනවා.

එතකොට රවීන් සංගීතයට යොමු වෙන්නේ කොහොමද..?
සංගීත කටයුතු නම් මං පාසල් යන අවදියේ සිටම සම්බන්ධ වෙලා හිටපු ක්ෂේත්‍රයක්. ඒ අවධියේ ඇතිවුණු ඇල්ම දිගින් දිගටම තිබුණා.
පස්සේ සංගීතය ගැන මම තනියම හොයන්න අධ්‍යයනය කරන්න පටන් ගත්තා.
ඒ විදිහට දිගින් දිගටම ඉතිං සංගීත ගායන කටයුතුවල සම්බන්ධ වෙලා තමා ගායනය පැත්තට යොමුවුණේ.

රවීන්ට චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්..?
අනිවාර්යෙන්ම බාරගන්නවා හොඳ චිත්‍රපටයක්නම්.
ඒ කියන්නේ මම කැමතියි සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. අපි කියන අර ප්‍රබුද්ධ සමාජය පිළිගන්න චිත්‍රපටවලට නම් මම සම්බන්ධ වෙන්න කැමතියි.

අනුහස් චරිතය රවීන්ට කොහොමද සමීප..?
අනුහස්ගේ ජීවිත කතාව මට සමීප නැහැ.
මොකද අනුහස් ඉපදුණ දවසේ ඉඳන් අලකලංචි ගොඩකට මුහුණ දෙනවා. නමුත් අනුහස්ගේ බොහෝ ගතිගුණ නම් මට ගොඩක් සමීපයි සහ ගැලපෙනව කියලා බොහෝ විට මට දැනිලා තියෙනවා.

අනුහස්ට ගෑණු ළමයින්ගෙන් නම් විශේෂ ප්‍රතිචාරයක් ලැබෙනවා ඇති..?
විශේෂයක් නම් නැහැ. නමුත් තරුණ මහලු වැඩිහිටි බාල රසික ගොන්නකගෙන් නම් ආදරය හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ආදරයට විශේෂ කෙනෙක් නැද්ද..?
එහෙම කෙනෙක්නම් තවම නැහැ. විශේෂ කෙනෙක් හොයනවා. ඒ කියන වගේ විශේෂ කෙනෙක් ලැබුණ දවසට මම කියන්නම්කෝ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!