G20 සමුළුවට සමගාමීව ලොව රටවල් රැසක රාජ්ය නායකයින් මේ දිනවල ඉන්දියාවට එක්ව සිටියි.
එහිදී ලොව පුරා නම රැන්දූ ආහාර පාන භුක්ති විඳීමේ අවස්ථාව ද ලෝක නායකයින් හා රාජ්ය තාන්ත්රික නිලධාරීන්ට හිමිව තිබේ.
මේ අයුරින් ඉකුත් දා ජර්මානු චාන්සලර් Olaf Scholz ද ඉන්දියාවේ සංචාරයක නිරත විය.
එහිදී ඉන්දියාවේ රසවත් ආහාරපාන භුක්ති විඳීමේ අවස්ථාවක් ඉන්දියාවේ පිහිටි ජර්මානු තානාපති කාර්යාලය මගින් චාන්සලර්වරයා වෙත උදා කර දී තිබේ.
ඒ අනුව ලොව ප්රකට ඉන්දියාවේ සාම්ප්රදායික චායි තේ කෝප්පයක රස විඳීමට තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් චාන්සලර්වරයා කැඳවා ගෙන ගොස් තිබුණා.
එමෙන්ම ජර්මානු චාන්සලර්වරයා දිල්ලියේ Chanakyapuri හි පිහිටි වීථි වෙළඳසැලකට ගොස් චායි තේ කෝප්පයක රසය විඳින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලවය විසින් සිය ට්විටර් ගිණුමට එක් කර තිබුණි.
