ලෝකයේම බොහෝ දෙනා පිස්සු වැටිලා බලපු කතා මාලවක් තමයි Game of Thrones කියන්නේ. මෙම කතා මාලවේ ආර්යා චරිතයට පණ පොවපු Maisie Williams අලුත් වැඩක් පටන් අරන් කියලා වාර්තා වෙනවා.
ඇය පසුගිය දා TechCrunch Disrupt සමුළුවට සහභාගී වෙලා තිබුණා. ඒ අවස්තාවේ ඇය නිර්මාණය කරපු Daisie කියන නව නිර්මාණය හදුන්වා දී තිබෙනවා. ලොව පුරා සිටින කලාකරුවන් සම්බන්ධ කරන්න තමයි මේ App එක ඇය හදුන්වා දී තිබෙන්නේ.
මේ වන විට සංගීතය,චිත්රපට,විලාසිතාකරණය ආදී ක්ෂේත්රයන්ට සම්බන්ධ කලාකරුවන් 100 000 පමණ ඇය සමග සම්බන්ධ වෙලා තියෙනවා. මේ වන විට ඩොලර් මිලියන 2.5 ක ප්රග්ධනයක් මේ සදහා ලැබී තිබෙන අතර තවත් ප්රාග්ධනය රුස්කිරීමේ වටයක් ආරම්භ කිරීමට ඇය බලාපොරොත්තු වන බව පවසා තිබෙනවා.
