Gossip

මේ වෙනකොට පොත් 97 මම එළිදක්වලා තියෙනවා. 97 වෙනි පොත තමයි “ගන්දබ්බයන්ගේ රාත්‍රියේ කුවේණිගේ කතාව” – ගුණරත්න ඒකනායක

ගුණරත්න ඒකනායක කියන්නේ සම්භාව්‍ය රචකයෙක්. කෙටි කතා,නව කතා,ළමා කතා වැනි විවිධ ගණයේ කෘති රාශියක් එතුමා විසින් මේ වෙනකොට රචනා කරලා තියෙනවා. මේ එතුමත් සමග කල සොදුරු කතා බහක්

මේ ගමන ආරම්භ වුණේ කොහොමද?
කුඩා කාලයේ සිටම පොත් රචනා කරන්න පෙළඹුනා.ගොඩක් කම්කටොලු මැද්දෙ තමයි මේ ගමන මම ආවේ.මොකද මම ඉන්නේ නුවර ගොමගොඩ කියන දුෂ්කර ගම්මානයේ. එ දවස්වල කිසිම පහසුකමක් තිබ්බෙ නැහැ. මම පොත් රචනා කරලා පොත් අච්චු ගහගන්න ගොඩක් තැන්වලට ගියා. නමුත් මට කිසිම කෙනෙක් සහයෝගය දුන්නෙ නැහැ. මේ කාලේ මගේ යාළුවෙක් හිටියා පියල් බී හේරත් කියලා.එයා නුවර මුද්‍රණාලයක් දැම්මා.ඔහු මට යෝජනා කලා ගු‌ණේ පොත ගහමුද කියලා.ඔය විදියට තමයි මගේ ගමන ආරම්භ වුණේ.

මුලින්ම රචනා කළ පොත මොකක්ද?

“දහසක් පැතුම් පතාලා ”
මේ පොත නවකතාවක් . වයස අවුරුදු 22 දි තමයි මුලින්ම පොතක් එළිදැක්වුයේ.

පොත් රචනා කරන්න පාදක වුණ දේවල් මොනවද?‍

මම කුඩා කාලයේ ඉදන් ලියුවා සහ කියෙව්වා. එ වගේම නිර්මාණ කළා. මේ දෙවල් තමයි මට පොත් රචනා කරන්න පාදක වුණේ.

පොත් රචනා කිරීමෙන් ඔබ ඉගනගත්ත දේවල් මොනවද?

ඇත්තටම ගොඩක් දෙනෙක් අහනවා කොහොමද මම මේ පොත් ලියන්නේ කොහෙන්ද මේ වගේ අදහස් එන්නේ කියලා.
රචකයෙක් වෙනවා කියන්නේ ගොඩක් කියවන්න සහ ලියන්න අවශ්‍යයි. මම මේ දෙකම කළා. ඒ වගේම සමාජ ගවේෂණය කරන්න අවශ්‍යයි. මේ දේවල් අධ්‍යන කරන නිසා මට තියෙන අත්දැකීම් විශාලයි වගේම මට සාහිත්‍යම වශයෙන්ද ලොකු දැනුමක් අවබෝධයක් තියෙනවා.

මේ වෙනකොට කොපමණ පොත් සංඛාවක් රචනා කරලා තියෙනවද? ඒ මොනව ද?

මේ වෙනකොට පොත් 97 මම එළිදක්වලා තියෙනවා. 97 වෙනි පොත තමයි “ගන්දබ්බයන්ගේ රාත්‍රියේ කුවේණිගේ කතාව”
මෙම කතාව රචනා කිරීමෙන් මම බලාපොරොත්තු වුණේ කුවේණි යක්ෂණියක් නොව රවණාගෙ පරම්පරාවේන් පැවත එන යක්ෂ ගෝත්‍රයේ පාලිකවක් බවත් විජය කියන්නේ ඇත්තටම හොරෙක් යන ඇත්ත කතාව පාඨකයන් අතරට ගෙන යාමයි.

අපේම අම්මා
කුරුළු පැටවුන් ඉගිළ ගොසින්
ගන්ධබ්බයන්ගේ රාත්‍රියේ නඩුකාරයාගේ කතාව
අලුත් වලව්ව
සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි ( 2012 ගොඩගේ සම්මාන නිර්දේශිත පොත)
යාපනය තාමත් ඈතයි
උතුරෙන් දකුණට යන කෘති මම රචනා කරපු කෘති අතරින් කිහිපයක්.

ඔබ විසින් රචිත කෘති වලින් වැඩිපුරම ඔබ කැමති කෘතිය මොකක් ද? හේතුව ?

මම හැම කෘතියටම කැමති මොකද ඒ හැම කෘතියක්ම විවිධ කොණයන්ගෙන් රචනා කරපුවා.
නමුත් “කැටයම් අයියා” කියන කෘතියට මගෙ ලොකු ඇල්මක් තිබෙනවා. හේතුව එ කෘතිය රචනා කරන්න පාදක වුණේ ගමේ හැදුන දරුවෙක් ඔහු කොළඔට ඇවිත් පරාජිත චරිතයක් බවට පත් වෙනවා.

කෝඩුකාර රචකයන්ට ඔබ දෙන් කැමති උපදෙස කුමක් ද?

කම්මැලි වෙන්නේ නැතිව පුළුවන් තරම් ලියන්න වගේම කියවන්න. සතතා අභ්‍යාසය වැදගත් . ඒ වගේම සමාජය අධ්‍යනය කරන්න .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!