රංගන ශිල්පී ගයාන් වික්රමතිලකගේ පෙර බිරිඳ වන ෆර්ෂිනා විසින් අන්තර්ජාලයට එක් කළ වීඩියෝවක් නිසා ගයාන් සහ චතුරිකා ගැන සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණා.
මේ සිද්ධිය නිසා බොහෝ දෙනෙක් ගයාන්ට සහ චතුරිකාට විවිධ වූ චෝදනාවන් එල්ල කර සිටියා.
ෆර්ෂිනා විසින් පළ කළ වීඩියෝවෙන් අනතුරුව ගයාන් ද පිළිතුරු වීඩියෝවක් නිකුත් කළා. එමෙන්ම ගයාන් සහ චතුරිකා මේ සම්බන්ධව මාධ්‍යයට අදහස් දක්වා තිබුණා.
කෙසේවෙතත් මේ වනවිට ෆර්ෂිනා සම්බන්ධයෙන්ද අලුත් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ, ෆර්ෂිනා විදේශයේ සිටින අවස්ථාවේ ඇයත් සමඟ තවත් පුද්ගලයෙකු සිටින ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට යොමුවීම හේතුවෙනි.
කෙසේ වෙතත් මෙම ඡායාරූප වල සිටින පුද්ගලයා සමඟ ෆර්ෂිනා ඉතා කිට්ටු සම්බන්ධතාවයක් එරට සිට පවත්වන බව මෙම ඡායාරූප යොමු කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.
මේ බව දැක්වෙන ඡායාරූපයක් වෙබ් ගොසිප් අපට ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවත් මෙම ඡායාරූප යොමු කළ පුද්ගලයා ප්‍රකාශ කර සිටියා.