Gossip

ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් ඩිලන්ත මාලගමුව කරන ඉල්ලීම

මෝටර් රථ ධාවන තරඟවල තත්වය දියුණු කිරීමට සහ විශේෂයෙන්ම ධාවකයන්ගේ ආරක්ෂාව වැඩි කර ගැනීමට සියලු මෝටර් රථ සහ මෝටර් සයිකල් ධාවකයන් එක්රැස් කිරීමට තීරණය කළ බව ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසනවා.

ඒ අනුව මේ මස 09 වන දා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයට එකතු වන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

අකාලයේ මිය ගිය ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් අපි තරඟ සංවිධානය කළ සංගමයට විරුද්ධව කතා කරන විට සහෝදර ධාවකයෙකු සංගමය සුද්ද කරන්නට තරම් කුහක වී ඇතැයි ඔහු සිය fecebook පිටුවේ සටහනක තබමින් කියා සිටිනවා.

මේ, ඔහු තබා ඇති සටහනයි.

“මේ මාසේ 9 වෙනිදා සවස 4ට සියලු මෝටර් රථ සහ මෝටර් සයිකල් ධාවකයන්ට ආරාධනා කරනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයට. අප මේ සාකච්ඡාව කැඳවන්නේ වර්තමාන මෝටර් රථ ධාවන තරඟ වල තත්වය දියුණු කිරීමට සහ විශේෂයෙන්ම ධාවකයන්ගේ ආරක්ෂාව වැඩි කර ගැනීමටත්. අකාලයේ මිය ගිය ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් අපි තරඟ සංවිධානය කල සංගමයට විරුද්ධව කතා කරන විට සහෝදර ධාවකයෙකු සංගමය සූද්ද කරන්නට තරම් කුහක වී ඇත. මෙවැනි මිනිසුන් සිටින තාක් කල් කිසිදුවක් සාධාරණය කරන්න ගැනීම අපහසු වුවත් මේ සටන සියලු ධාවකයන් වෙනුවෙන් අත නොහරමි. සියලු ධාවකයන් සහ මාධ්‍යවේදීන්ගේ පැමිණීම අගේ කොට සලකමි.”

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගයේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ (ශල්‍ය)දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ පසුගිය 29 වැනිදා සිය දිවියෙන් සමුගත්තේ රටේ යතුරු පැදි ධාවන තරග සංවිධානය ගැන ආන්දෝලනයක් ඇති කරමින්. අනතුරට මුහුණදුන් අප්‍රේල් මස 23 වැනිදා සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ ජීවිතක්ෂයට පත්වන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව සඳහන්.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩිදුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිඳ සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) කඩිනමින් සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූයේ නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!