Gossip

ගිනිගත්හේනේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටුණු හැටි

අධික වර්ෂාවත් සමග හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල පෞද්ගලික ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක් අද (07) පෙරවරුවේ සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා.

ඊයේ(06) පස්වරු 5.00 ට පමණ මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමට පටන්ගෙන තිබූ බවද වාර්තා වනවා.

එම ගොඩනැගිල්ල බෑවුමේ පදිංචි පවුල් දෙකක සාමාජිකයන්ට ඉවත්වන ලෙස උපදෙස් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා සඳහන් කළා.

ගිලා බැසීමට ලක්ව ඇති ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් පමණක් රථ වාහන ධාවනයට විවෘත කර ඇති බව ද වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!