Gossip

හෙට සුනාමියක් නෑ- සුනාමිය ගැන කාලගුණයට අනාවැකි කියන්න බෑ – වටේ යන කතා බොරු

හෙට සුනාමියක් එනවලු නේද? මේ දවස්වල ආයෙත් ඔන්න ඔය කතාව රටේ තොටේ අපේ බුකියේ ලොකුවට පත්තු වෙලා තියෙන කතාවක්. මිට අවුරුදු 13කට කලින් අපේ රටට සුනාමි කියන නුහුරු නුපුරු වච්චනය ජීවිත දස දහස් ගානක් වගේම දේපලවලට කරපු විනාශය අතිමහත්.

කොහොම හරි ජුනි මස අට වන (08) දින එනම් හෙට සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය තම ආයතනය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඔවුන් සඳහන් කර ඇති අතර භූ කම්පන හෝ සුනාමි අනතුරු සම්බන්ධව අනාවැකි පලකළ නොහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!