චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ජීවත්වන සොඳුරු මිනිසෙක්.
ඔහුගේ ගායනයට වගේම නිහතමානී මනුස්සකමටත් කවුරුත් ආදරේ කරනවා.
අපි මේ කියන්න යන්නේ චාමර මුහුණුපොතේ දැමූ සංවේදී සටහනක් ගැනයි.
පසුගිය දවසක චාමරගේ රුව පපුවේ කොටාගත් තරුණයෙක්ව චාමරට හැබැහින්ම හමුවෙලා.
මේ ගැන චාමර මේ වගේ අපූරු සටහනක් මුහුණුපොතේ දමා තිබුණා.
මගේ රුව ඔබේ පපුවේ කෙටූබව මම දුටුවේ පින්තූරයකින් පමණි.
නමුත් කෙදිනක හෝ මා රුව පපුවමත කෙටූ ඔබ රුව දැක ගන්නට මා ආසා කලා..ඒ ආසව ඉශ්ට වුණා.සදාකාලික සුන්දර තුවාල කැලලක් පපුව මත කොටා ගන්නට තරම් උඹ මට ආදරය කලාට උඹට පිං මල්ලි.ඒ වගේම
හිතට දැනෙන සතුට මට කියල නිම කරන්න බෑ මල්ලියේ..
මට බොහොම හොදට තේරුම් ගන්න පුලුවන් උඹල උඹලගෙ හදවතේ මට තියල තියන ඉඩ කොච්චරක්ද කියල…මල්ලියේ
උඹට ගොඩක් ස්තුතියි.නිහතමානී සතුට වචන වලට පෙරලන්න තරම් මට හැකියාවක් නැති උනත් මේ තරමින් හරි මේ ටික කිව්වෙ චාමරට උඹල මේ තරම් ආදරේ කරනවග හදවතට දැනුන නිසා.බුදුසරණයි…
